රුපියල බාල්දු වී ඩොලරය ඉහළ ගියේ ගෝලීය අර්බුදයක ප්‍රතිඵලයක් නිසා – මුදල් නියෝජ්‍ය ඇමති

ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය පහත වැටීමට ආණ්ඩුවේ ප්‍රතිපත්තියක් හෝ වැරදි තීරණයක් මත සිදු නොවූවක් බව මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත පවසනවා.

මැදපෙරදිග මතුව තිබෙනවා යුදමය තත්ත්ව හේතුවෙන් හටගත් ගෝලීය අර්බුදයක ප්‍රතිඵලයක් මත ශ්‍රී ලංකා රුපියල පහත වැටීමට හේතු වූ බවයි මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

අද (22) දහවල් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කර සිටියා.

ආනයනය නවතා දමා, ආනයනය තහනම් කර ආර්ථිකය හකුළුවා දැමීමට රජය කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

මේ අතර පසුගිය කාලය තුළ ආනයනය කරන භාණ්ඩවල ඩොලර් මිල මෙන්ම අපනයනය කරන භාණ්ඩවලට ඩොලර් මිල වෙනස් වූ බවයි ඔහු මෙහිදී සඳහන් කළේ.

අපනයන කරන භාණ්ඩවල ඩොලර් මිලට වඩා ආනයනය කරන භාණ්ඩවල ඩොලර් මිල ගණන් ඉහළ යාමද මෙරටට ප්‍රධාන වශයෙන් බලපෑ බවද මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී පැවසුවා.

එමෙන්ම ගෝලිය වශයෙන් ඩොලරය ස්ථාවර කර ගැනීම සඳහා මෙන්ම ඩොලරයට වැඩි ප්‍රතිලාභයක් ලබාදීමට ගෙන ඇති ක්‍රියාමාර්ග නිසා ඩොලර් සඳහා ඉල්ලුම වැඩි වී ඩොලරයට ආයෝජන විතැන්මේ ප්‍රවණතාවයක් දක්නට ලැබුණු බවත්, මේ හේතුවෙන් අනෙකුත් මුදල් ඒකකයන්ට සාපේක්ෂව ඩොලරය ශක්තිමත් වී ඇති බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56