රුධිරය දී ගිනස් පොතට ගිය ජොසෆින්

203න් වතාවක් රුධිරය පරිත්‍යාග කළ කැනේඩියානු ජාතික කාන්තාවක් පිළිබදව අද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඇය ගිනස් ලෝක වාර්තා පොතද අලුත් කරනු ලැබුවේ ලොව වැඩිම වාර ගණනාවක් රුධිරය පරිත්‍යාග කළ තැනැත්තා ලෙසටයි.

මේ වනවිට 80 වන වියේ පසුවන ජොසෆින් මිකාලුක් සිය සිරුරෙන් දන් දී ඇති රුධිර ප්‍රමාණය ලීටර් 96 ක්.

1965 වසරේ වයස අවුරුදු 22 කතරුණියකව සිටියදී වූ ඇය කැනඩාවේ ඇල්බර්ටා ප්‍රදේශයේ දී මුල්වරට ඇය රුධිර පරිත්‍යාගක් කර ඇති අතර ඒ ඇයගේ සහෝදරියගෙන් ලද ඇරයුමකට අනුවයි.

එවක පටන් රුධිරය පරිත්‍යාග කිරීමට හැකි සෑම අවස්ථාවකම ඇය රුධිරය පරිත්‍යාග කර ඇති අතර ජාතිය ආගම් භේදයකින් තොරව රුධිරය අවැසි සැම වෙනුවෙන් ජෝසෆින් රුධිරය පරිත්‍යාග කිරීමට නොපැකිලව ඉදිරිපත් වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?