Indian Premier League

රියදුරු පුහුණුව ලබන්නන් බරපතල අනතුරක

යැදුරු පුහුණු පාසල් එක්දහස් දෙසීයකට ආසන්න සංඛ්‍යාවක් අතරින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇත්තේ පාසල් හයසිය හතළිස් පහක් පමණක් බව එම දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග සඳහන් කරයි.

නිසි අවසරයකින් තොරව පවත්වාගෙන යන පන්සියකට අධික රියදුරු පුහුණු පාසල් ව්‍යාජ නම් භාවිතා කරමින් අවසර ලත් පුහුණු පාසල් හා සම්බන්ධ වී මෙම ක්‍රියාව සිදුකරගෙන යන බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

ලියාපදිංචි නොවූ එම පුහුණු පාසල් රියදුරු පුහුණුව ලබාදීමෙන් අනතුරුව ප්‍රායෝගික පරීක්ෂණ සඳහා ඉදිරිපත් කරනුයේ ලියාපදිංචිය සහිත රියදුරු පාසලකින් බවද මෙය ජාවාරමක් වශයෙන් සිදුවෙමින් පවතින බවද පැවැසේ.

මේ සම්බන්ධයෙන් කළ විමසුමකට පිළිතුරු දෙමින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ රියදුරු බලපත්‍ර කොමසාරිස් වසන්ත ආරියරත්න සඳහන් කළේය. කඩිනමින් ලියාපදිංචිය නොමැති රියැදුරු පාසල් කඩිනමින් ලියාපදිංචි කිරීමට පියවර ගන්නා බවද හෙතෙම කිවේය.

මේ සම්බන්ධයෙන් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යාශයේ ලේකම් ලලිත් ද අල්විස් ගෙන් කළ විමසුමකදී සඳහන් කළේ රියැදුරු උපදේශක තරග විභාගයට අදාළ ගැසට්ටුව නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව මගින් සකස් කර එවා ඇති බවත් ඒ අනුව ඉදිරියේදී කටයුතු කෙරෙන බවත්ය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
24
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?