රියදුරු පුහුණුව ලබන්නන් බරපතල අනතුරක

යැදුරු පුහුණු පාසල් එක්දහස් දෙසීයකට ආසන්න සංඛ්‍යාවක් අතරින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇත්තේ පාසල් හයසිය හතළිස් පහක් පමණක් බව එම දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග සඳහන් කරයි.

නිසි අවසරයකින් තොරව පවත්වාගෙන යන පන්සියකට අධික රියදුරු පුහුණු පාසල් ව්‍යාජ නම් භාවිතා කරමින් අවසර ලත් පුහුණු පාසල් හා සම්බන්ධ වී මෙම ක්‍රියාව සිදුකරගෙන යන බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

ලියාපදිංචි නොවූ එම පුහුණු පාසල් රියදුරු පුහුණුව ලබාදීමෙන් අනතුරුව ප්‍රායෝගික පරීක්ෂණ සඳහා ඉදිරිපත් කරනුයේ ලියාපදිංචිය සහිත රියදුරු පාසලකින් බවද මෙය ජාවාරමක් වශයෙන් සිදුවෙමින් පවතින බවද පැවැසේ.

මේ සම්බන්ධයෙන් කළ විමසුමකට පිළිතුරු දෙමින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ රියදුරු බලපත්‍ර කොමසාරිස් වසන්ත ආරියරත්න සඳහන් කළේය. කඩිනමින් ලියාපදිංචිය නොමැති රියැදුරු පාසල් කඩිනමින් ලියාපදිංචි කිරීමට පියවර ගන්නා බවද හෙතෙම කිවේය.

මේ සම්බන්ධයෙන් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යාශයේ ලේකම් ලලිත් ද අල්විස් ගෙන් කළ විමසුමකදී සඳහන් කළේ රියැදුරු උපදේශක තරග විභාගයට අදාළ ගැසට්ටුව නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව මගින් සකස් කර එවා ඇති බවත් ඒ අනුව ඉදිරියේදී කටයුතු කෙරෙන බවත්ය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
24
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මැතිවරණයට මුහුණ දෙන්න ආණ්ඩුව බයයි
02:21
Video thumbnail
ජවිපෙ මුළු රටම ගිනි තිබ්බා - 6661 දෙනෙක්ව ඝා#නය කළා
18:03
Video thumbnail
නීතිය ක්‍රියාත්මක කරන ආයතනම නීතිය ක්‍රියාත්මක නොකරන තැනට ඇවිත් - පුරුද්ද නීතියට උඩින් ගිහිල්ලා
02:47
Video thumbnail
සංඝයාට නරක විදියට මඩ ග#හන දැවැන්ත මඩ ප්‍රහාරයක් යනවා - දිඹුලාගල රාහුලාලංකාර නාහිමිට යකා නගියි
03:19
Video thumbnail
එක කෝල් එකෙන් ප්‍රශ්නේ විසඳපු ඇමති හදුන්නෙත්ති - බස් දුවද්දි තර්ජන තියෙනවද ?
07:32
Video thumbnail
නාමල්ගේ වේදිකාවේ ඇත්තටම වුණ දේ සංජීව හෙළිකරයි
03:05
Video thumbnail
පන්සල්වලට ආධාර එකතු කරන්න කියලා ඇවිත් ගෙවල් සුද්ද කරන කට්ටිය - අපිට මේ දිනවල දානය ලැබෙන්නේ නෑ
04:45
Video thumbnail
ගම්මන්පිල ආණ්ඩුවට කටඋත්තර නැතිවෙන්නම දෙයි
13:41
Video thumbnail
අනුරගේ පුනරුද ආණ්ඩුව යන්නේ රිවර්ස් එකට - ලාල්, වසන්ත JVP ආණ්ඩුවට ඉන්දියාවට පාවා දෙනවා
04:59
Video thumbnail
ටිල්වින්ගේ ප්‍රකාශයට ජී.එල් උත්තර දෙයි
04:49