කොළඹ, ගම්පහ ඇතුළු ප්‍රදේශ කිහිපයක විදුලි සැපයුම යථා තත්ත්වයට

සැපයුම් පද්ධතියේ ඇති වූ හදිසි විදුලි බිඳවැටීමෙන් අනතුරුව මේ වනවිට ප්‍රදේශ කිහිපයක විදුලි සැපයුම යථා තත්ත්වය පත්කර තිබෙනවා.

ඒ අනුව කොළඹ, ගම්පහ, ගාල්ල, බදුල්ල, බණ්ඩාරවෙල, අම්පාර ඇතුළු ප්‍රදේශ කිහිපයක විදුලි සැපයුම යථා තත්ත්වයට පත්කර ඇති බවයි ජාතික පද්ධති ක්‍රියාකරු (පුද්ගලික) සමාගම පවසන්නේ.

සම්ප්‍රේෂණ පද්ධතියේ ඇති වූ දෝෂයක් හේතුවෙන් අද (17) පෙරවරු 11.45ට පමණ දිවයින පුරා හදිසි විදුලි බිඳවැටීම සිදු වුණා.