රැකියා රැසක් අනතුරේ! වසංගතය මැද ආර්ථිකය දණගස්සන තවත් ගැටළුවක්!

පහතරට තේ වගාව විනාශ වෙමින් පවතින බවට එම වගාකරුවන් මැසිවිළි නගනවා.

පවතින පොහොර හිඟය හේතුවෙන් මෙම තත්ත්වය උදා වී ඇති බවයි ඔවුන් පවසන්නේ.

වගාකරුවන් ප්‍රකාශ කරන්නේ නියමිත පොහොර නොමැති වීම නිසා තේ ශාක කහැපැහැ ගැන්වී ඇති බවයි.

එමෙන්ම රජයෙන් ලබා දෙනවැයි කියන කොම්පෝස්ට් පොහොර තේ වගාවට නොගැලපෙන බවයි ඔවුන් පෙන්නා දෙන්නේ.

පොහොර නොමැතිව සිව්වැනි මාසය මේවන විට ගෙවෙමින් පවතින බව පෙන්වා දෙන වගාකරුවන් අවධාරණය කරන්නේ තේවගාකරුවන්ට පමණක් නොව දළු නෙළන්නන්, තේ කර්මාන්තශාලාවල සේවකයින් ආදී තේ කර්මාන්තය ආශ්‍රිත රැකියා රැසක් අහිමි වෙමින් පවතින බවයි.

මේවන විටත් මෙරට සියළුම ප්‍රදේශවල පාහේ තේ වගාවේ ගුණාත්මකබව පහළ වැටී ඇති බවත්, මේ ආකාරයෙන් දිගින් දිගටම පැවතුනොත් තේ කර්මාන්තය සම්පූර්ණයෙන්ම බිඳවැටෙන බවත්, ඉන් මෙරට ආර්ථිකයට සිදුවන බලපෑම සුළුපටු නොවනු ඇති බවත් ඔවුන් සඳහන් කරනවා.

මේ අතර, කාබනික පොහොර විදේශයන්ගෙන් ආනායනය කරන බවට පැවසෙන පුවත සම්බන්ධයෙන් අදහස් දැක්වූ මහාචාර්ය සී.එස්. විජේරත්න මහතා ප්‍රකාශ කළේ එලෙස පිටරටවල්වලින් ගෙනෙන කාබනික පොහොරවල විවිධ ක්ෂුද්‍ර ජීවීන් සිටින බවයි.

එම ජීවීන් මෙරට ශාකයන්ට ඉතා අහිතකර ලෙස බලපෑමේ ඉඩ කඩ පවතින බව ඔහු පෙන්වා දෙනවා.

මෙරට කෝපි වගාව සම්පූර්ණයෙන්ම බිඳවැටුණේ දිලීරයක් නිසා බවත් කාබනික පොහොර ආනයනයෙන් අනෙකුත් වගාවන්ට ද එවැනිම ඉරණමක් අත්විය හැකි බවත් ඔහු පවසනවා.

මේ පිළිබඳව අදහස් පළ කළ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා ද පැවසූවේ කාබනික පොහොර පිටරටින් ගෙන්වීම භයානක බවයි.

එමගින් මෙරට ජෛව පද්ධතිය වෙනස්විය හැකි බවත්, එලෙස වෙනස් වුවහොත් එය යළි හැරවිය නොහැති බවත් ඔහු පෙන්වා දෙනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බලන්නකෝ තාත්තගෙයි පුතාගෙයි හිනාවෙවී කතා කරන හැටි..ටී.බී.ඉලංගරත්න පිළිරුවට පුෂ්පෝපාහාර දක්වපු අයුරු
04:54
Video thumbnail
රුවන්වැලි මහා සෑයට, ශ්‍රී මහා බෝධියට විශාල බැතිමතුන්ට පිරිසක් පැමිණෙයි
01:15
Video thumbnail
රියදුරුට නින්ද යාම නිසා සුඛෝපභෝගී වෑන් රථයක් අනතුරට..විදුලිි කණුවක් කඩාගෙන නැවතෙයි
01:17
Video thumbnail
උගන්ඩා කුමාරිට කට උත්තර නැතිවෙන්න තිස්සකුට්ටි අමතයි..ඩොලර් මිලියන 2.5 ගේන්න ඕනි නැද්ද?
03:14
Video thumbnail
කම්කරු දිනයෙත් කම්කරුවන් වැඩ.."අපේ තියෙන දුප්පත්කමනේ..ඊට වැඩිය දෙයක් නෑනේ"
02:13
Video thumbnail
NPPයට ජනතා ආකර්ෂණය අඩු වෙලාද ?..මුළු ලංකාවම රත්‍ර වර්ණයෙන් බබළනවා
04:39
Video thumbnail
සහකාර අධ්‍යක්ෂකගේ මරණය ගැන තිස්සකුට්ටිගෙන් ප්‍රබල හෙළිදරව්වක්..සාක්ෂි යට ගහන්න කරපු කුමන්ත්‍රණයක් ?
04:22
Video thumbnail
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කළුතර ප්‍රා.කාර්යාලයේ ඇතිවූ හදිසි ගින්න
01:55
Video thumbnail
අභිරහසක් ඉතිරි කර පිළිස්සී එළොව ගිය වයෝවෘද්ධ කාන්තාව..
01:01
Video thumbnail
නාමල් ගිහින් හිටපු නගරාධිපති ජාලියෝට දුන්න සුපිරි Birthday Surprise එක..මචන් මටත් කේක් කෑල්ලක්
02:07