භාණ්ඩාගාර සිද්ධියට වැඩ තහනම් වූ සිව්දෙනාගෙන් අයෙක් අභිරහස් ලෙස මරුට

මහා භාණ්ඩාගාරයට අයත් ඩොලර් මිලියන 2.5ක මුදලක් අස්ථානගතවූ සිද්ධිය සම්බන්ධයෙන් වැඩ තහනමට ලක්ව සිටි නිලධාරීන් සිව් දෙනාගෙන් එක් අයෙක් සියදිවි හානිකර ගැනීමෙන් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි අදාළ නිලධාරියා සිය නිවස පිටුපස, අතෙහි සහ පාදයක කැපුම් තුවාල සහිතව මරණයට පත්ව සිටි බවයි පොලිසිය පවසන්නේ.

එමෙන්ම ඒ ආසන්නයේ නිවසක භාවිතා කරන බවට සැකකරන පිහියක් ද හමු වූ බව පොලිසිය සඳහන් කළා.

මෙම මරණය පෙරවරු 09ට පමණ සිදුව ඇති බවත් පොලිසිය සැකකරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
9
+1
2
+1
3
+1
4
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්