spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රාජ් නිදහස් වූ දා බිරිඳ ශිල්පා ෂෙට්ටි තැබූ සටහන

අසභ්‍ය චිත්‍රපටි ජාවාරමක සැකකරු ලෙස මාස දෙකක් රිමාන්ඩ් බන්ධනාගාරයේ ගත කළ රාජ් කුන්ද්‍රා පසු ගියදා ඇප මත නිදහස් කර තිබෙනවා. ඔහුගේ බිරිඳ ශිල්පා ෂෙට්ටි මේ පිළිබඳව ප්‍රකාශ නිකුත් කිරීමෙන් වැළකී සිටින බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

ඔහු ඇප මත නිදහස් වූ පසුව වුව ද ඇය සිය ප්‍රතිපත්තිය වෙනස් කර නැහැ. රාජ් කුන්ද්‍රා බන්ධනාගාරගතව සිටියදී ඇය සිය වෙබ් අඩවියේ විවිධ සටහන් තැබුවා. පසුව රාජ් කුන්ද්‍රාට ඇප ලැබී ටික වේලාවකට පසුවද සිය ඉන්ස්ටග්‍රෑම් පිටුවේ සටහනක් එක් කළා.

“කවදාවත් පැමිණිලි කරන්න එපා.. කවදාවත් හේතු දක්වන්න එපාදුක් වෙන්න ඔබේ ශක්තිය වැය කරන්න එපා.. විශ්වාසය, නිර්මාණශීලිත්වය වර්ධනය කර ගන්න, සිත් වේදනා සුව කර ගන්න ශක්තිය වැය කරන්න..කිසිම කෙනෙකුට ආපහු ගිහින් අලුත් තීරණ ගන්න පුළුවන්කමක් නෑ.. ඒත් ඕනම කෙනෙකුට දැන් අලුතෙන් පටන් අරන් නැවුම් අවසානයකට යන්න පුළුවන්.. අපි තමන් ගත්ත නරක තීරණ, කරපු වැරදි, හිතවතුන්ට කළ රිදවීම් විශ්ලේෂණය කරන්න ලොකු කාලයක් කැප කරනවා.. අනේ අපි මේක නොකළානම් කියලා පසුතැවිලි වෙනවා.. ඒත් ඒකෙන් කවදාවත් අතීතය වෙනස් කරන්න බෑ…” අපි බිමටම ඇද වැටෙන වෙලාවල් එනවා.. ඒත් හත් සැරයක් බිම වැටෙනකොට අපි අට සැරයක් ආපහු නැගිටින්න ඕන.. ඒක ලේසි දෙයක් නෙමෙයි.. ඒකට ලොකු ධෛර්යයක් ඕන කරනවා.. ඒත් ඒක තමයි ජීවිතේ කියන්නෙ..”

raj kundra and shilpa shetty kundra
Raj Kundra Shilpa Shetty
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
12
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?