රාජ් නිදහස් වූ දා බිරිඳ ශිල්පා ෂෙට්ටි තැබූ සටහන

අසභ්‍ය චිත්‍රපටි ජාවාරමක සැකකරු ලෙස මාස දෙකක් රිමාන්ඩ් බන්ධනාගාරයේ ගත කළ රාජ් කුන්ද්‍රා පසු ගියදා ඇප මත නිදහස් කර තිබෙනවා. ඔහුගේ බිරිඳ ශිල්පා ෂෙට්ටි මේ පිළිබඳව ප්‍රකාශ නිකුත් කිරීමෙන් වැළකී සිටින බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

ඔහු ඇප මත නිදහස් වූ පසුව වුව ද ඇය සිය ප්‍රතිපත්තිය වෙනස් කර නැහැ. රාජ් කුන්ද්‍රා බන්ධනාගාරගතව සිටියදී ඇය සිය වෙබ් අඩවියේ විවිධ සටහන් තැබුවා. පසුව රාජ් කුන්ද්‍රාට ඇප ලැබී ටික වේලාවකට පසුවද සිය ඉන්ස්ටග්‍රෑම් පිටුවේ සටහනක් එක් කළා.

“කවදාවත් පැමිණිලි කරන්න එපා.. කවදාවත් හේතු දක්වන්න එපාදුක් වෙන්න ඔබේ ශක්තිය වැය කරන්න එපා.. විශ්වාසය, නිර්මාණශීලිත්වය වර්ධනය කර ගන්න, සිත් වේදනා සුව කර ගන්න ශක්තිය වැය කරන්න..කිසිම කෙනෙකුට ආපහු ගිහින් අලුත් තීරණ ගන්න පුළුවන්කමක් නෑ.. ඒත් ඕනම කෙනෙකුට දැන් අලුතෙන් පටන් අරන් නැවුම් අවසානයකට යන්න පුළුවන්.. අපි තමන් ගත්ත නරක තීරණ, කරපු වැරදි, හිතවතුන්ට කළ රිදවීම් විශ්ලේෂණය කරන්න ලොකු කාලයක් කැප කරනවා.. අනේ අපි මේක නොකළානම් කියලා පසුතැවිලි වෙනවා.. ඒත් ඒකෙන් කවදාවත් අතීතය වෙනස් කරන්න බෑ…” අපි බිමටම ඇද වැටෙන වෙලාවල් එනවා.. ඒත් හත් සැරයක් බිම වැටෙනකොට අපි අට සැරයක් ආපහු නැගිටින්න ඕන.. ඒක ලේසි දෙයක් නෙමෙයි.. ඒකට ලොකු ධෛර්යයක් ඕන කරනවා.. ඒත් ඒක තමයි ජීවිතේ කියන්නෙ..”

raj kundra and shilpa shetty kundra
Raj Kundra Shilpa Shetty


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42