රනිල්ට රට දුන්නොත් පැය 48 න් ගෑස් රු 1500ට

“රුපියල් 2600 ගෑස් ටැංකිය පැය 48කින් රුපියල් 1500 ට ආපසු දෙන්න අපේ නායකයාට පුළුවන්. රනිල් වික්‍රමසිංහට රට බාර දෙන්න. පැය 48න් තත්ත්වයෙන් උසස් රසායනික පොහොර ලංකාවට ලබා දෙනවා” යැයි එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.

වජිර අබේවර්ධන මහතා මෙසේ පැවැසූයේ කටුවන ප්‍රදේශයේදී පැවැති ජනහමුවකදීය.

“පා්ර්ලිමේන්තුවේ 225න් ඡන්දයක් තියනකල් 224ම ගෙදර තියලා තනි රනිල් වික්‍රමසිංහට බාර දෙන්න. ගෑසුත් බහිනවා. පිටිත් බහිනවා. පොහොරත් හම්බවෙනවා. සියල්ලම හම්බවෙනවා. ඒ කොහොමද. දැනුම, පළපුරුද්ද, අත්දැකීම. කුහකකම් කරල හරියන්නෙ නැහැ. ඊර්ෂ්‍යා කරල හරියන්නෙ නැහැ. වෛර කරල හරියන්නෙ නැහැ. වෛරය වපුරවලා රටක් ගොඩගන්න බැහැ. වැරැදි තිබෙනවා නම් ඒවා වෙනම අධිකරණ ක්‍රියාමාර්ග අනුව ක්‍රියාකළ යුතුව තිබෙනවා. කාටවත් දොස් කියල බැහැ.

අපේ නායකයාට පුළුවන් රුපියල් 2600 ගෑස් ටැංකිය පැය හතළිස් අටකින් රුපියල් 1500 ට ආපසු දෙන්න. දීල පෙන්නල තියෙනවා. අද පොහොර නැතුව මිනිස්සු අඩනවා. මට කියන්න තියෙන්නේ කෘෂිකර්මාන්තයට දෙවි පිහිටයි. සම්පූර්ණයෙන්ම ඉවරයි. ලබන අවුරුද්දේ අප්‍රේල් මාර්තු වෙනකොට රටේ උග්‍ර ආහාර හිඟයක් එනවා. ලෝකයේ රටවල්වලට තීරණය කරන්න බැහැ පොහොර. ලෝක ආහාර සංවිධානයයි තීරණය කරන්නේ. දැනුත් ආණ්ඩුවලට බැහැ පොහොර තීරණය කරන්න.

රසායනික පොහොර වස නෙවෙයි. රසායනික පොහොර වස කළේ දේශපාලනඥයෝ. බලය ලබා ගන්න වේදිකාවට ඇවිත් කියනවා 350ට දෙන්නම් කියලා. අනිත් වේදිකාවේ කියනවා නිකන් දෙන්නම් කියලා. මිනිස්සු අත්පුඩි ගගහා ගිහින් ආණ්ඩු හදනවා. 350ට දෙන්නත් බැහැ. නිකන් දෙන්නත් බැහැ. 350ට දෙනකොට 3500යි. නිකන් දෙන්න අම්ම තාත්තගෙ බූදලෙන් ගෙනත් දෙන්න බැහැ. දෙන්න වෙන්නෙ මහජනයගෙ සල්ලිවලින්මයි. ලෝකයේ විසිකරන කල්ඉකුත්වූ පොහොර ගෙනත් ලංකාවෙ අතාරිනවා. තත්ත්වයෙන් උසස් රසායනික පොහොර භාවිත කරන්න ඕන.

ඒකයි අපි කියන්නෙ රනිල් වික්‍රමසිංහට රට බාර දෙන්න. පැය 48න් තත්ත්වයෙන් උසස් රසායනික පොහොර ලංකාවට ලබා දෙනවා කියල මම කියනවා. මම එය කියන්නෙ පැහැදිලි ඉලක්කයක් අරමුණක් ඇතුවයි. මේ රට යන්නෙ ඉතාමත් භයානක තැනකට. ඉන් රට ගොඩගන්න පුළුවන් වෙන්නේ එක්සත් ජාතික පක්ෂයටයි”

  1. එක පාරක් ඌට පොන්න රනිල්ට රට දුන්නෙ . නිකන් වයි ෆයි ගන්න ? ගර්බනී පෝෂන මල්ල ගන්න. වොක්වගන් කාර් ෆැක්ටරියක් ගන්න . රුපියල් දස දහසෙන් පඩි වෙඩි කර ගන්න , ලෙබුනද ? ඌ ඇවිත් මාසෙන් මහා බැංකුව ඌගෙ යාලුවන් එක්ක සුද්ද කරපු එකයි . රටෙ බුද්දි අංශය පාව දීල රට අස්තාවර කරල පාස්කු ප්‍රහාරයක් කරපු එකයි . ඌ උගෙ සමනලයන්ට ඇමති කම් සහ වෙනත් දෙවල් දීල උන්ව සතුටු කරපු එකයි විතරයි කලෙ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48