රන්මාල කොල්ල කෑ දෙදෙනා පොලිසියට කොටුවෙයි(CCTV)

කොල්ලකෑම් රැසකට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙක් රුපියල් ලක්ෂ 10කට ආසන්න වටිනා රන් ආභරණ සමඟ පිළියන්දලදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් කොල්ල කෑම සඳහා යොදාගත් ත්‍රිරෝධ රථයක් සහ යතුරු පැදියක් ද පොලිස් බාරයට ගැනුණා.

එම සැකකරුවන් අගුලාන, කැස්බෑව, පිලියන්දල, මොරටුව හා රත්මලාන ආදී ප්‍රදේශ රැසක පුද්ගලයින් බිය වද්දා මුදල් හා රන්මාල කොල්ල කා ඇති බවයි පොලිසිය පවසන්නේ.

ඒ සදහා ඔවුන් යොදාගත් ත්‍රිරෝධ රථයක ලියාපදිංචි අංකයද වෙනස් කර ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වුණා.

සැකකරුවන් කොල්ල කන ලද රුපියල් ලක්ෂ දහයකට ආසන්න වටිනා රන්මාල පිළියන්දල, මොරටුව ආදී ප්‍රදේශවලට උගස් කර තිබියදී පොලිසිය සොයාගෙන ඇති අතර ඔවුන් පිළියන්දල ප්‍රදේශයේ දී තරුණියක ගෙල බැඳී රන් මාලයක් කොල්ල කන අයුරු සීසීටීවී කැමරාවක සටහන්වී තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
5
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
1
මාර දුකයි !
0
මලපනිනව !
2
කුජීතයි !
0
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?