රත්තරන් යැයි සැකකරන කුඩා බෝල 770 ක් සහ මැණික් ගලක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

රත්‍රං යැයි සැකකරන කුඩා බෝල 770 ක් සහ මැණික් බව කියන කුඩා ගලක්  තම සන්තකයේ තබා සිටි පුද්ගලයෙකුව සහ පොලිස් අත්අඩංගුවට පත් එම පුද්ගලයාව අල්ලස් දී මුදා ගැනීමට උත්සාහ කළ සැකකරුවෙකුව මාවතගම පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඉකුත් 12 වැනිදා සවස මාවතගම පොලීසියේ නිලධාරීන් පිරිසක් කුරුණෑගල – නුවර ප්‍රධාන මාර්ගයේ උරමාරකඩ මංසන්ධියේ රථ වාහන පරීක්ෂා කිරීමේ රාජකාරියේ නිරතව සිට ඇත.සැකකටයුතු ත්‍රී රෝද රථයක් උරමාරකඩ මංසන්ධියට ආසන්නයෙන් මාර්ගයේ නවතා තිබෙන බව රථ වාහන රාජකාරියේ නිරත වෙමින් සිටි පොලිස් නිලධාරීන්ට දැන ගන්නට ලැබී ඇත.ඒ අනුව රථ වාහන රාජකාරියේ නිරත වෙමින් සිටි පොලිස් නිලධාරීන් විසින් අදාල ත්‍රී රෝද රථය වෙත ගොස් එය පරීක්ෂා කිරීමට කටයුතු කර ඇත.

එම ත්‍රී රෝද රථයේ සිටි පුද්ගලයෙකුව පරීක්ෂා කිරීමේදී ඔහු සන්තකයේ තිබී රත්‍රං වලට සමාන කුඩා බෝල 770 ක් සහ ග්‍රෑම් 28 ක් බරැති කුඩා මැණික් යැයි සැක කළ හැකි ගලක් සොයා ගැනීමට හැකිවී ඇත.එම කුඩා බෝල සහ මැණික් ගල නිධානයකින් ලබා ගත් ඒවා බව ත්‍රී රෝද රථයේ සිටි පුද්ගලයා පොලීස් නිලධාරීන්ට පවසා ඇත.ඒ අනුව සැකපිට ත්‍රී රෝද රථය තුළ සිටි උඩුදුම්බර – දෙනපිටිය පදිංචිකරුවෙකුව පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඒ සමගම එම ස්ථානයට පැමිණ ඇති පුද්ගලයෙකු පොලිස් නිලධාරීන්ට පවසා ඇත්තේ අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයා මුදා හරින ලෙසත් ඒ වෙනුවෙන් තමන් රුපියල් 1,50,000 ක මුදලක් ලබා දීමට සුදානම් බවත්ය.අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු මුදා ගැනීමේ අරමුනින් පොලිස් නිලධාරීන්ට අල්ලස් ලබා දීමට උත්සාහ කිරීමේ චෝදනාව මත එම සැකකරුවද මාවතගම පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.එම සැකකරු කටුගස්තොට – ගලහා පාර පදිංචිකරුවෙකි.

තමන් සතුව තිබූ රත්‍රං වලට සමාන බෝල සහ මැණික් යැයි කියන ගල කිසියම් පුද්ගලයෙකුට අලවි කිරීම සදහා සැකකරුවන් මහ මග රැදී සිටින්නට ඇති බවට විශ්වාස කරන්නේ යැයි පොලීසිය කියයි.

සැකකරුවන් සතුව තිබී පොලිස් බාරයට ගෙන ඇත්තේ සත්‍ය ලෙසම රත්‍රං සහ මැණික්ද යන්න සම්බන්ධයෙන්ද,සැකකරුවන්ගේ ප්‍රකාශ අනුව ඒවා නිධානයකින් ලබා ගත් බව කියන කරුණ පිළිබවද විමර්ශණ කටයුතු සිදු කරන බව මාවතගම පොලීසිය කියයි.

සැකකරුවන් පිලැස්ස මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.05.20
01:01:04
Video thumbnail
බණ්ඩාරවෙල මහනගර සභාවෙන් බස් නැවතුම්පොළට දුන්න සුද්දය
01:08
Video thumbnail
උසාවියට රැගෙන ආ සලේ STF ආරක්ෂාව මැද යළි රැගෙන යන හැටි
01:37
Video thumbnail
වාහන ගෙන්වීමේදී ලොකු අක්‍රමිකතාවක් වෙලා..ආණ්ඩුව බැලුවේ සීමා කරන්න
05:18
Video thumbnail
ජංගිවල හිල් කිව්ව ප්‍රබලයට කතක් රිදෙන්නම දෙයි.."ඔයා වෙනුවෙන් Design කරලා දෙන්නම් Underwear ටිකක්"
01:51
Video thumbnail
පාලකයන්ට ෆැරලයිස්ද ? හැඟීම් දැනීම් දැනෙන්නේ නැද්ද ? - බිහිසුණු ඉරණමක් අත්වූ කතක් මාධ්‍යය දෙවනත් කරයි
10:31
Video thumbnail
ඇල්ලු ආයුධ ගැන ජනපති හැමෝම ඉස්සරහා කියයි - මොකක්ද ඔබේ යුනිෆෝම් එකේ ඇති වගකීම ?
02:17
Video thumbnail
බණ්ඩාරවෙල මහනගර සභාවෙන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක්..කට්ටිය හිනා වෙවී වැඩ
01:31
Video thumbnail
මාස 06 කාලය තුල ඇල්ලු මත්ද්‍රව්‍ය ගැන ජනපතිගෙන් හෙළිදරව්වක්..ආගමික ස්ථාන දක්වා ව්‍යසනය පැතිරිලා
03:55
Video thumbnail
ඩොලරයේ අර්බුදයට ජනපතිගෙන් පිළිතුරු.."තියෙන තෙරපුව කෙටි කාලයක් පාලනය කර ගත යුතුයි"
02:31