රණවිරුවන්ගේ සුබසාධනය ගැන සොයා බැලීමට පත් කළ කමිටුවේ ප්‍රගතිය සමාලෝචනයට (ඡායාරූප)

මව්බිමේ නිදහස වෙනුවෙන් දිවිපිදු රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ හා රණක්‍ෂිතයට පත් රණවිරුවන්ගේ සුබසාධනය සහ ප්‍රතිලාභ සම්බන්ධව පවතින ගැටලු නිරාකරණය කිරීම පිළිබඳ ව සොයාබැලීම සඳහා පත් කරන ලද මණ්ඩලයේ ප්‍රගතිය සමාලෝචනය කිරීමේ සාකච්ඡාවක් ඊයේ (26) දින ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික)ගේ ප්‍රධානත්වයෙන් නියෝජ්‍ය අමාත්‍යවරයාගේ කාර්යාලයේ දී පැවැත්වුණා.

එකී ගැටළු සම්බන්ධ ව පසුගියදා පැවැත්වූ සාකච්ඡාවක දී ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි පිහිටුවනු ලැබූ මෙම මණ්ඩලයේ සභාපතිවරයා ලෙස ආරක්‍ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් – ආරක්‍ෂක, නම් කරන ලද අතර, රණවිරු සේවා අධිකාරියෙහි සභාපති, රණවිරු සුබසාධනය හා සම්බන්ධ ත්‍රිවිධ හමුදා අධ්‍යක්‍ෂ මණ්ඩලයන්හි අදාළ අධ්‍යක්‍ෂවරුන් සහ අනෙකුත් අදාළ ක්ෂේත්‍රයන්හි ප්‍රධාන නිලධාරීන් ද ඊට ඇතුළත්.

දිවිපිදු රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින් මෙන්ම රණක්‍ෂිතයට පත් රණවිරුවන් මුහුණදෙන දිගුකාලීන ගැටලු නිසි ක්‍රමවේදයක් ඔස්සේ හඳුනාගැනීමත්, පසුගිය කාලසීමාව පුරාවට නොවිසඳුණු අවශ්‍යතා සහ ගැටලුවලට වඩාත් ප්‍රයෝගික මෙන්ම කඩිනම් විසඳුම් ලබාදීමත් යන කරුණු පිළිබඳ ව පැවති සාකච්ඡාවේ දී අවධානය යොමු කෙරුණු බවයි වාර්තා වන්නේ.

ඒ අනුව, ව්‍යුහගත සහ අන්තර් සහයෝගී ක්‍රියාවලියක් මගින් රණක්‍ෂිතයට පත් රණවිරුවන්ගේ සුබසාධනය සහතික කිරීමටත්, ඔවුන්ගේ අවශ්‍යතා සඳහා වඩාත් ඵලදායී විසඳුම් ලබා දීමටත් හැකි වනු ඇති.

WhatsApp Image 2024 12 26 at 19.51.42
WhatsApp Image 2024 12 26 at 19.51.41 2
WhatsApp Image 2024 12 26 at 19.51.41 1
WhatsApp Image 2024 12 26 at 19.51.41
WhatsApp Image 2024 12 26 at 19.51.40 3
WhatsApp Image 2024 12 26 at 19.51.40 1
WhatsApp Image 2024 12 26 at 19.51.40


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' |
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36
Video thumbnail
පැටියාට මාසයයි - වැස්සිව හොරු අරන් ගිහින් - ඇල්ලුවොත් හරක් හොරා මානව හිමිකම් යයිලු
06:06
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40
Video thumbnail
පොලිස් අණ නොතැකූ වෑන් රථයට පොලිසියෙන් වෙ# - "ජීප් එක හරස් කරා අරූ අයිනෙන් යන්න ගියා"
02:56
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58