රට හරක්ට පොළියත් එක්ක සල්ලි ගෙව්ව හැටි නි.ඇමති නාමල් හෙළිකරයි

කිරි ඉතිරෙන රටක් “Dairy hub” සබරගමු පළාත් ආරම්භකක වැඩසටහන අද (27) රඹුක්කන ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේ දී පැවැත් වුණා.

මෙම අවස්ථාව සඳහා පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි, කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න, සබරගමු පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න ඇතුළු පිරිසක් සහභාගී වී සිටියා.

මෙහිදී අදහස් දැක් වූ කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න,

“පශු වෛද්‍ය කාර්යාල තුන්සීයක මේ ඩේරි හබ් ව්‍යාපෘතිය ආරම්භ කරනවා. ඉතිරි ටිකෙත් ආරම්භ කරනවා. දවසට කිලි ලීටර් ලක්ෂ 10ක් ගන්න එක ලක්ෂ 30 දක්වා වැඩි කරන්න ඕනෑ. පසුගිය කාලයේ හරක් ගෙනාවා ඕස්ට්‍රේලියාවෙන්. හරක් විසිදාහක් ගේන්න ව්‍යාපෘතියක් තිබුණා. හරක් පන්දාහක් ගෙනාවා. අද වෙනකොට හරක් හරසීයක්වත් නෑ. කිසිම නිරෝධායන කටයුත්තකට භාජනය කරලා නොවේ මේ හරක් ගෙනාවේ. මෙලාන් ක්ලූලර් සමාගම සම්බන්ධ කරගෙන ඕස්ට්‍රේලියාවේ සිට මේ හරක් ගෙනාවා. ගෙනල්ලා මෙහේ ඉඳන් තමයි නිරෝධායන කටයුතු කළේ. ඔවුන්ට ලෙඩ රෝග තිබුණා. 2018 මැයි 18 වෙනිදා ඩොලර් මිලියන 11.9ක් නැවතත් එම සමාගමට සල්ලි බැන්දා නෙදර්ලන්ත බැංකුවකින් ණයට අරගෙන. ඉතිරි හරක් ගේන්න දැන් අවුරුදු කීයක්ද, ඒවයේ පොළියත් එක්ක අපි ගෙව්වා. අපිට සල්ලිත් නෑ හරක් තියා හරක්ගේ මයිල් ගහක්වත්, ගොම්බෙට්ටක්වත් අපිට ලැබුණේ නෑ. මේවට අදාළ විමර්ශන යනවා. ඒ වගේ ගොංකං කරන්න ආයෙ ඉඩ නෑ. ඉදිරියේ දී උත්තර බඳින්න සිදුවෙනවා.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රජුන් බිහිකළෙත් අපි..රජා ගෙදර යැවුවෙත් අපි හාමුදුරුවනේ - සිවුර දාගත්ත අපිට කොන්දක් තිබ්බා
04:21
Video thumbnail
22 ඉර හඳ වගේ, අනිවාර්යෙන් සම්මත කරනවා
04:14
Video thumbnail
ඉතාලි තානාපතිවරයා, ඇමති වසන්ත හමුවෙයි
01:50
Video thumbnail
සත්තුන්ට කන්නත් මොකුත් නෑ - වියළි කාලගුණය නිසා ගවයින් අමාරුවේ
02:27
Video thumbnail
ජනතාවගේ විශ්වාසය කඩ වුණොත් විශාල ප්‍රශ්නයක් වෙනවා
03:18
Video thumbnail
පීඩාවට පත් වූ ගම්වලට බවුසර් මගින් පානීය ජලය බෙදාහැරේ
00:59
Video thumbnail
ඩී.වී. චානකගේ ප්‍රකාශයට ඇමති නලින්ද පිළිතුරු දෙයි - නොරොච්චෝලය නවත්තන්න වෙයිද ?
01:44
Video thumbnail
අගවිනිසුරුතුමා ආණ්ඩුවට ටොක්කක් දුන්නා
02:31
Video thumbnail
22 සම්බන්ධ පෙත්සම් විභාගයෙන් පසු සජිත් කිව්ව දේ - එක පක්ෂයක් රාජ්‍ය පාලනය කරන ක්‍රමයක් හදන්නේ
12:11
Video thumbnail
ව්‍යවස්ථාවට අදාළ පෙත්සම් විභාගය ආරම්භ කළා
00:59