රටේ ආත්මගරුත්වය කොල්ලො 11ක් අතේ….

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ තුන්වැනි සහ අවසාන එක්දින ජාත්‍යන්තර තරගය අද (21) සවස මහනුවර, පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත් වීමට නියමිතය.

මෙතෙක් පැවති තරග දෙක, කණ්ඩායම් දෙකම එක තරගය බැගින් ජයගෙන තිබේ.දෙරට අතර 2017 වසරේ පැවති එක්දින තරගාවලිය ද 2-1ක් ලෙස ජයගැනීමට සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සමත් විය.

එබැවින් අද තරගය ශ්‍රී ලංකා කණ්ඩායමට ඉතා වැදගත් බව බොහෝ විචාරකයෝ පවසති.දෙවැනි එක්දින තරගයේදී ශ්‍රී ලංකා පන්දු යවන්නන් ට සිම්බාබ්වේ පිතිකරුවෝ රිසි සේ පහරදුන් බැවින් අද තරගයේදී පන්දු යවන්නන්ගේ වෙනසක් සිදු කෙරෙනු ඇතැයි අනුමාන කෙරේ.

ජාත්‍යන්තර විචාරකයින් පවසන්නේ මහීෂ් තීක්ෂණ වෙනුවට අද පිට දඟ පන්දුයවන ක්‍රීඩක රමේෂ් මෙන්ඩිස් කැඳවීමට ඉඩ ඇති බවය.

සිම්බාබ්වේ කණ්ඩායමේ වෙනසක් සිදු නොකෙරෙතැයි අනුමාන කෙරේ.

අද දින තරඟ කෙරෙනු ඇතැයි විදෙස් මාධ්‍යන් විසින් අනුමාන කෙරෙන කණ්ඩායම් පහත පරිදි වේ.

ශ්‍රී ලංකා කණ්ඩායම

පැතුම් නිස්සංක
කුසල් මෙන්ඩිස්
කමිදු මෙන්ඩිස්
දිනේෂ් චන්දිමාල්
චරිත් අසලංක
දසුන් ශානක (නායක)
චාමික කරුණාරත්න
රමේෂ් මෙන්ඩිස්
දුෂ්මන්ත චමීර
ජෙෆ්රි වැන්ඩර්සේ
නුවන් ප්‍රදීප්

සිම්බාබ්වේ කණ්ඩායම

රෙජිස් චකබ්වා
ටකුඩ්ස්වනාශේ කයිතානෝ
ක්‍රේග් අර්වින් (නායක)
වෙස්ලි මැධේවෙරේ
ෂෝන් විලියම්ස්
සිකන්දර් රාසා
රයන් බර්ල්
වෙලින්ග්ටන් මැසකඩ්සා
බ්ලෙසින් මුෂභානි
ටෙන්ඩායි චටාරා
රිචර්ඩ් න්ගර්වා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න
01:02
Video thumbnail
ජනපති අනුර තම මව ගැන කිව්ව දේ - මගේ අම්මත් මේ රෝහලේ නේවාසිකව බෙහෙත් ගත්තා..අම්මව හොඳට බලාගත්තා
05:02
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය - මිනිස්සු වැස්සෙ තෙමීගෙන ජනපති ළඟට එයි
00:50
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11