AFC Banner
Empty Ad
Empty Ad

යෝධ ඇලේ දිය නෑමට ගිය පුද්ගලයෙක් මරුට (වීඩියෝ)

කලාවැව යෝධ ඇලේ දිය නෑමට ගොස් දියේ ගිලීමෙන් මියගිය පුද්ගලයකුගේ මළ සිරුරක් කලාවැව පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් විසින් සොයා ගෙන තිබෙනවා.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ කැකිරාව ඔලුකරඳ ප්‍රදේශයේ පදිංචිව සිටි 50 හැවිරිදි තිදරු පියෙක්.

දෛනික කුලී වැඩ කටයුතුවල යෙදෙමින් ජීවත්ව ඇති ඔහු පසුගියදා කලාවැව ප්‍රදේශයේ වෙසෙන හිතවතකුගේ නිවසට පැමිණ සිට ඇති බව සඳහන්.

ඔහු ඊයේ පෙරවරුවේ කලාවැව දුම්රිය ස්ථානය අසළින් ගලා යන යෝධ ඇලට පැමිණ ඇති අතර එහි ගල් පාලම අසල දිය නාමින් සිටියදී දියේ ගිලී ඇති බව හෙළිවී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන්ගෙන් පොලිසියට ලැබුණු තොරතුරක් අනුව එම පුද්ගලයාගේ සිරුර සොයා කලාවැව පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් හා ගම්වාසීන් ක්ෂණික මෙහෙයුමක් දියත් කර තිබුණා.

ඒ අනුව පැය කිහිපයක සෝදිසි මෙහෙයුමකින් පසුවයි යෝධ ඇලේ තිබී සිරුර හමුවී ඇත්තේ.

මළ සිරුර සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් සහ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු ඉදිරි කටයුතු සඳහා ළඟම ඥාතීන්ට බාර දීමට පොලිසිය කටයුතු කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?