යුනෙස්කෝ අධ්‍යක්ෂ මණ්ඩලයට අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේම්ජයන්ත පත්වෙයි

යුනෙස්කෝ අධ්‍යක්ෂ මණ්ඩලයට අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා තේරී පත්ව තිබෙනවා.

ඊයේ ප්‍රංශයේ පැරිස් නුවර යුනෙස්කෝ (UNESCO) මූලස්ථානයේ පැවති අධ්‍යක්ෂ මණ්ඩලය සඳහා වන ඡන්ද විමසීමේ දීයි ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉදිරිපත් වූ අධ්‍යාපන අමාත්‍යවරයා මෙලෙස පත්වී ඇත්තේ.

ඔහුට ඡන්ද හිමි රටවල් 188න් 144ක (76%)ක ඡන්ද ප්‍රමාණයක් ලැබී ඇති අතර ආසියානු ශාන්තිකර කලාපය නියෝජනය කරමින් මෙම පත් කිරීම සිදුව තිබෙනවා.

ඒ අනුව, 2024 සිට 2027 වසර දක්වා යුනෙස්කෝ අධ්‍යක්ෂ මණ්ඩලය නියෝජනය කිරීමට ශ්‍රී ලංකාවට අවස්ථාව හිමි වනවා.

අධ්‍යාපන අමාත්‍යවරයා මීට පෙර 2008 වර්ෂයේ දී ද මේ සඳහා ඉදිරිපත් වූ අතර, මෙවර දෙවැනි වතාවටත් යුනෙස්කෝ අධ්‍යක්ෂ මණ්ඩලයට ඔහු ඡන්දයෙන් තේරී පත් වීම විශේෂත්වයක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42