යුනෙස්කෝ සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් ඕඩ්රි අසූලේ මහත්මිය ශ්‍රී ලංකාව සංචාරයක් සඳහා අද (06) අලුයම දිවයිනට පැමිණියා.
ඇය සමඟ දූත පිරිස ලෙස තවත් තිදෙනකු දිවයිනට පැමිණි බවයි ගුවන්තොටුපොළ දසත නිවුස් වාර්තාකරු සඳහන් කළේ.
මෙම පිරිස අද (16) අලුයම 02.10 ට දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්- 662 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.
අධ්යක්ෂ ජනරාල්වරිය ඇතුළු දූත පිරිස පිළිගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.













