යුද්ධ හමුදාවේ 76 වන සංවත්සරයට සමගාමීව විශේෂ සර්ව ආගමික වැඩසටහන් මාලාවක් (ඡායාරූප)

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 76 වන සංවත්සරය උදෙසා සංවිධානය කරනු ලබන ආශිර්වාද ලබා ගැනීමේ විශේෂ ආගමික වැඩසටහන් මාලාව, අද (26) දින අනුරාධපුරය ජය ශ්‍රී මහා බෝධිය අභියසදී පවත්වන ලද ආගමික වතාවත් වලින් ආරම්භ වුණා.

මෙම ආගමික වැඩසටහන, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

මෙහිදී රුවන්වැලි මහ සෑය අභියසින් ආරම්භ වූ යුද්ධ හමුදා ධජ රැගත් පෙරහැර ජය ශ්‍රී මහා බෝධිය අභියසට ගමන්කර පසුව ජය ශ්‍රී මහා බෝ සමිදුන් අභියසදී ආශිර්වාදයට පාත්‍ර කරනු ලැබුවා.

අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන නායක ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් මෙම ආගමික වතාවත් සිදු කෙරුණා.

මේ අතර වව්නියාව ශ්‍රී කන්දසාමි කෝවිල් පරිශ්‍රයේදී යුද්ධ හමුදාධිපතිගේ ප්‍රධානත්වයෙන් යුද්ධ හමුදා ධජයන්ට සෙත් පැතීම සඳහා හින්දු ආගමික වතාවත් සිදුකර තිබෙනවා.

අනතුරුව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ, රණක්‍ෂිතයට පත් අනුරාධපුර ‘අභිමන්සල 1’ සුවසහන මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබන පුනරුත්තාපනලාභීන්ගේ සුවදුක් විමසීම සඳහා විශේෂ සංචාරයක නිරත් වුණා.

මෙම වැඩසටහන් සඳහා යුද්ධ හමුදාවේ සියලුම රෙජිමේන්තු නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් පිරිසක් සහභාගී වි සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42