යුදමය උණුසුම මැද දකුණු චීන මුහුදේ චීනයෙන් යෝධ යුද කඳවුරක්

දකුණු චීන මුහුදේ පවතින දේශපාලන සහ යුදමය උණුසුම තවත් තීව්‍ර කරමින්, චීනය විසින් “ඇන්ටිලොප් රීෆ්” (Antelope Reef) නමැති කොරල් වැටිය ආශ්‍රිතව දැවැන්ත හමුදා කඳවුරක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කර ඇති බව වෝල් ස්ට්‍රීට් ජර්නල් (WSJ) පුවත්පත වාර්තා කරනවා.

දශකයකට පමණ පසු චීනය විසින් දියත් කළ විශාලතම දූපත් නිර්මාණය කිරීමේ ව්‍යාපෘතිය මෙය ලෙස සැලකෙනවා.

පසුගිය පෙබරවාරි මාසයේ ලබාගත් චන්ද්‍රිකා ඡායාරූපවලට අනුව, මෙම වැටිය මත නව ගුවන් පථයක්, මිසයිල පද්ධති සහ නවීන නිරීක්ෂණ මධ්‍යස්ථාන ඉදිකිරීමට චීනය සැලසුම් කර තිබෙනවා.

මෙය චීන ප්‍රධාන ගොඩබිමට සාපේක්ෂව සමීපව පිහිටා ඇති බැවින්, හමුදා කඳවුරකට අමතරව සිවිල් යටිතල පහසුකම් ද ස්ථාපිත කරමින් එම ප්‍රදේශය තමන්ට අයත් බව තහවුරු කිරීමට චීනය උත්සාහ කරනු ඇති.

වත්මන් ඉරාන යුද්ධය සහ හෝමුස් සමුද්‍ර සන්ධියේ පවතින නාවික අර්බුදය හමුවේ ලෝක අවධානය මැදපෙරදිගට යොමුව ඇති මොහොතක, චීනය මෙලෙස සිය බලය ව්‍යාප්ත කිරීම අසල්වැසි රටවල් සහ ඇමෙරිකාව මවිතයට පත් කර ඇතැයි වෝල් ස්ට්‍රීට් ජර්නල් වාර්තාවේ සඳහන්.

මෙම නව කඳවුර මගින් චීනයට දකුණු චීන මුහුදේ නාවික සහ ගුවන් ගමන් පාලනය කිරීමට වැඩි ශක්තියක් ලැබෙනු ඇති බවටයි ආරක්ෂක විශ්ලේෂකයන් අනතුරු අඟවන්නෙි.
මෙය කලාපීය ආරක්ෂාව පිළිබඳව පවතින ගැටුම් තවදුරටත් උග්‍ර කිරීමට හේතු වනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56