යුක්‍රේනය සමඟ සෘජු සාකච්ඡා ඇරඹීමට පුටින් කැමැත්තෙන්

යුක්‍රේනය සමඟ යුද ගැටුම් සම්බන්ධයෙන් මැයි 15ට පෙර සෘජු සාකච්ඡා ආරම්භ කිරීමට තමන් සූදානම් බව රුසියානු ජනාධිපති ව්ලැද්මියර් පුටින් පවසනවා.

ක්‍රෙම්ලිනයේ සිට රූපවාහිනි සාකච්ඡාවකට එක්වෙමින් පුටින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබෙනවා.

පූර්ව කොන්දේසියකින් තොරව යුක්‍රේනය සමඟ සෘජු සාකච්ඡා නැවත ආරම්භ කිරීමට තමන් සූදානම් බව ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කළේ.

එක්සත් රාජධානියේ අගමැති සර් කීර් ස්ටාර්මර් සහ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් ඇතුළු යුරෝපීය නායකයින් යුක්‍රේනයට ගොස් කොන්දේසි විරහිත දින 30 ක සටන් විරාමයකට එකඟ වන ලෙස රුසියාවෙන් ඉල්ලා සිටීමෙන් පැය කිහිපයකට පසුව පුටින් සිය ස්ථාවරය මෙලෙස ප්‍රකාශකර තිබෙනවා.

ගැටුම් සඳහා හේතු වූ සාධක ඉවත් කර කල් පවතින ශක්තිමත් සාමයක් කරා ගමන් කිරීමට අවශ්‍ය පියවර ගැනීමට ද සූදානම් බව ද පුටින් මෙහිදී පවසා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
කොත්තමල්ලි බීලා අපි උඹලව එළවනවා
02:05
Video thumbnail
පොහොට්ටුවේ ‍රැළියට වසන්ත රිදෙන්නම දෙයි - සුන්බුන් දැන් දූවිලි කරපු රැළිය අපි පෙන්නුවා
27:26
Video thumbnail
මාව ම#පල්ලා.. අර්චුනාට යකා ආවේශ වෙයි
04:39
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා පෙර ආණ්ඩුවලට දෙදරන්න දෙයි - අටමගලක් ගෙනත් කෘෂිකර්මාන්තයම විනාශ කළා
09:13
Video thumbnail
අර්චුනාගේ කතාවෙන් මහින්ද පුදුම වෙයි
02:29
Video thumbnail
ආණ්ඩුවට අවුරුදු 2යි, රටටම සාපයක් වෙලා - නිදාගෙන හිටපු සිංහයාව ඇහැරෙව්වා
16:21
Video thumbnail
මහා සමුදුර ශක්තිමත්ව තියෙනකල් NPP ආණ්ඩුව හොල්ලන්න බෑ - ඔබේ දහඩිය සුවඳ දැනෙන මිනිස්සු මේ
15:58
Video thumbnail
පොළොන්නරුවම හොල්ලමින් ජනපති අනුර ගැම්මට වේදිකාවට එයි - මිනිස්සු හතරවටින් ප්‍රීති ඝෝෂා නගයි
01:43
Video thumbnail
පුතා හිරේ, තාත්තා තවමත් ගේමේ - මුහුණට මුහුණ සටනට එන්න
01:15