යාපනයේ ඩෙංගු ඔඩුදුවයි – මාස 11ක දරුවෙකුත් ජීවිතක්ෂයට (ඡායාරූප)

ඩෙංගු රෝගය වැළඳී සිටි කුඩා දරුවෙක් ඊයේ (25) දිනයේ අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බව යාපනය රෝහල් ආරංචි මාර්ග පවසනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස මාස 11ක් වයසැති පිරිමි දරුවෙක්.

ඩෙංගු රෝගය වැළඳී යාපනය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි මෙම දරුවා මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වුණේ.

දරුවාගේ මරණය සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීමට නියමිතව තිබූ බව අප වාර්තාකරු සඳහන් කරනවා.

මේ අතර ඩෙංගු රෝගය වැළඳී ප්‍රතිකාර ලබමින් සිටිය දී ජීවිතක්ෂයට පත් වූ යාපනය විශ්ව විද්‍යාලයේ සිසුවියගේ දේහය සම්බන්ධයෙන් අවසන් කටයුතු ඊයේ (25) සිදු කෙරුණා.

පෙරේදා (24) දිනයේ මෙලෙස ජීවිතක්ෂයට පත් වුණේ එම විශ්ව විද්‍යාලයේ කලා පීඨයේ අධ්‍යාපනය ලබමින් සිටි සිසුවියක්.

යාපනය දිස්ත්‍රික්කය තුළ ඩෙංගු ව්‍යාප්තිය ඉහළ ගොස් ඇති අතර, ඊයේ (25) දිනයේ පමණක් ඩෙංගු රෝගීන් 40 දෙනෙකු වාර්තා වී ඇති බවයි යාපනය රෝහල් ආරංචි මාර්ග පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56
Video thumbnail
මේ ඵාපකර්මයට කවුරුත් හවුල් වෙන්න එපා - ජනමත විචාරණයෙන් ආණ්ඩුවට අන්ත පරාජයක් දෙන්න පුළුවන්
04:02
Video thumbnail
අජිත්ගෙන් ආණ්ඩුවට අභියෝගයක් - පැරදෙනවා කියලා බය හින්දා මේ කියවන්නේ
04:56
Video thumbnail
මල්වෙඩි දාලා නාමල්ව වේදිකාවට ගෙනෙයි
00:57
Video thumbnail
CTB බසයක් ලොරි රථයක වැදී බිහිසුණු අනතුරක්
00:42