AFC Banner
Empty Ad
Empty Ad

යාපනයේ “කුමුදිනී” මුහුදු මගී ප්‍රවාහන සේවය නැවතත්

යාපනයේ දූපත් අතර මගී ප්‍රවාහනයේදී ප්‍රසිද්ධයට පත් මගී සේවයක් වූ “කුමුදිනී” මගී ප්‍රවාහන සේවය ඉදිරි දින කිහිපයේදී සුපුරුදු පරිදි ආරම්භ කිරීමට හැකිවන බව යාපනයේ පිහිටි මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා.

කූරිකට්ටුවාන් ජැටියේ සිට නෙඩුන්තීව් අතර මගී ප්‍රවාහනයේ නිරත වූ “කුමුදිනී” මගී ප්‍රවාහන යාත්‍රාව දැඩි අබලන් තත්වයේ පැවතීම හේතුවෙන් පසුගිය මාස කිහිපය පුරාවට වැල්වැටිතුරෙයි ප්‍රදේශයේ ගාල් කර එහි ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකිරීමටයි මාර්ග සංවර්ධන අධිකාරයි පියවර ගනු ලැබුවේ.

කුමුදුනී මුහුදු මගී පවාහන සේවය අහිමි වීමෙන් සාමාන්‍ය ජනාවට මෙන්ම කාර්යාල සේවකයින්ට ද දූපත් අතර ගමනාගමනයේ දී දැඩි පීඩාවන්ට මුහුණ දීමට සිදුවූ බව සඳහන්.

මාස 3 කට වැඩි කාලයක් වැලිවැටිතුරෙයි ප්‍රදේශයේදී ප්‍රතිසංස්කරණය කරනු ලැබූ මගී ප්‍රවාහන යාත්‍රාව අද සිට දින දෙකක් තාක්ෂණික කටයුතු සඳහා පරීක්ෂා කර ඉන් අනතුරුව මගී ප්‍රවාහනය සඳහා යොමු කිරීමට නියමිතයි.

යාත්‍රාව ප්‍රතිසංස්කරණය වෙනුවෙන් රුපියල් ලක්ෂ 70ක් පමණ වැය කළ බව ද යාපනය මාර්ග සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කළා.

“කුමුදිනී” යාත්‍රාව ප්‍රතිසංස්කරණය කර අවසන් වීමෙන් පසුව මුහුදට රැගෙන යාමේ අවස්ථාව පොංගල් උත්සවයක් පවත්වා චාරිත්‍රානුකූලව සැමරීමට ද ජනතාව පියවර ගෙන තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සිලින්ඩරේ එල්ලුන පියල් නිශාන්ත - දැන් කියන කතාව #ranilwickremesinghe
02:22
Video thumbnail
හිටපු ජනාධිපති චන්ද්‍රිකා එකම වේදීකාවේ රනිල්ගේ මූණ බලාගෙන රිදෙන්න කිව්ව කතාව
07:30
Video thumbnail
ඔබට ඉක්මනින් කේන්ති යනව ද? එය නැතිකරගන්නේ මෙන්න මෙහෙමයි
07:20
Video thumbnail
ඉංග්‍රීසි දන්නේ නැති මෛත්‍රී ඉංග්‍රීසි දන්නවා වගේ ඉන්න ලස්සන #shorts #viralvideo #trendingnews
00:12
Video thumbnail
රනිල් - චන්ද්‍රිකා - මෛත්‍රී එකම වේදිකාවක - රනිල් චන්ද්‍රිකාට කිව්ව රහස #srilankapolitics
00:46
Video thumbnail
ඔක්තෝම්බර් 01වෙනදි විදුලි බිල සංශෝධනය වන දිනයතාම කතාවක් නෑ #npp #anurakumaradissanayake
02:12
Video thumbnail
ඇය සතුටින් ගෙවන ජීවිතේ #shorts #vairalvideo
00:16
Video thumbnail
කතන්දර එපා.... විවෘතව කතා කරන්න - ආනන්ද පාලිතගෙන් ජනපතිට දෝස්මුරයක්
02:12
Video thumbnail
සැඩ පහරට ගිය සුපිරිය රිය ගොඩට ගත් ක්‍රියාන්විතය
05:29
Video thumbnail
හොරු අල්ලන්න එන රන්ජන් #ranjanramanayake
07:27

?