යාපනයේ “කුමුදිනී” මුහුදු මගී ප්‍රවාහන සේවය නැවතත්

යාපනයේ දූපත් අතර මගී ප්‍රවාහනයේදී ප්‍රසිද්ධයට පත් මගී සේවයක් වූ “කුමුදිනී” මගී ප්‍රවාහන සේවය ඉදිරි දින කිහිපයේදී සුපුරුදු පරිදි ආරම්භ කිරීමට හැකිවන බව යාපනයේ පිහිටි මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා.

කූරිකට්ටුවාන් ජැටියේ සිට නෙඩුන්තීව් අතර මගී ප්‍රවාහනයේ නිරත වූ “කුමුදිනී” මගී ප්‍රවාහන යාත්‍රාව දැඩි අබලන් තත්වයේ පැවතීම හේතුවෙන් පසුගිය මාස කිහිපය පුරාවට වැල්වැටිතුරෙයි ප්‍රදේශයේ ගාල් කර එහි ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකිරීමටයි මාර්ග සංවර්ධන අධිකාරයි පියවර ගනු ලැබුවේ.

කුමුදුනී මුහුදු මගී පවාහන සේවය අහිමි වීමෙන් සාමාන්‍ය ජනාවට මෙන්ම කාර්යාල සේවකයින්ට ද දූපත් අතර ගමනාගමනයේ දී දැඩි පීඩාවන්ට මුහුණ දීමට සිදුවූ බව සඳහන්.

මාස 3 කට වැඩි කාලයක් වැලිවැටිතුරෙයි ප්‍රදේශයේදී ප්‍රතිසංස්කරණය කරනු ලැබූ මගී ප්‍රවාහන යාත්‍රාව අද සිට දින දෙකක් තාක්ෂණික කටයුතු සඳහා පරීක්ෂා කර ඉන් අනතුරුව මගී ප්‍රවාහනය සඳහා යොමු කිරීමට නියමිතයි.

යාත්‍රාව ප්‍රතිසංස්කරණය වෙනුවෙන් රුපියල් ලක්ෂ 70ක් පමණ වැය කළ බව ද යාපනය මාර්ග සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කළා.

“කුමුදිනී” යාත්‍රාව ප්‍රතිසංස්කරණය කර අවසන් වීමෙන් පසුව මුහුදට රැගෙන යාමේ අවස්ථාව පොංගල් උත්සවයක් පවත්වා චාරිත්‍රානුකූලව සැමරීමට ද ජනතාව පියවර ගෙන තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.05.19
01:03:31
Video thumbnail
ත්‍රස්තවාදය පරාජය කිරීම නිසා ජේෂ්ඨ නිලධාරින්ට බටහිර රටවලට යන්න බෑ..මම විතරයි මිදිලා ඉන්නේ
03:05
Video thumbnail
රට බෙදන්න එන ඕනම කෙනෙක් අපි විනාශ කරනවා..හිටපු හමුදාපතිගෙන් දැඩි ප්‍රකාශයක්
04:00
Video thumbnail
"ප්‍රභා මගේ දෙයියෝ" කියන අයට නීතිය ක්‍රියාත්මක කරලා දඬුවම් දෙන්න..ඒකාලේ මේවට හිස ඔසවන්න දුන්නේ නෑ
03:35
Video thumbnail
"යුද්ධය කළේ අපෙන් අහලද ?" - ගෞරවයක් නැති මිනිස්සු ඉදලා හිටලා ලොකු තැන්වලට එනවා
04:50
Video thumbnail
හිටපු යුද හමුදාපති පළමු වරට මාධ්‍යයට කළ හෙළිදරව්ව..කොටි 12ස් වතාවක් නැවත නැගිටින්න හැදුවා
03:14
Video thumbnail
රණවිරුවාද? සෙබලාද ? - පෞර්ෂත්වයක් නැති අය දේශපාලන නායකයන් වීම ගැන කණගාටුයි
04:29
Video thumbnail
Praharaya| හිටපු යුද හමුදාපති ජෙනරාල් දයා රත්නායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
01:05:40
Video thumbnail
පාස්කු සිද්ධිය ගැන හිටපු යුද හමුදාපති කට අරියි - ජෙනරල් සලේවත් ඇතුළට දාලා හේතුවක් නැතුව
02:51
Video thumbnail
රට ත්‍රස්තවාදයෙන් බේරගත්තත් ප්‍රශ්න ඇතිකරන පිරිස නැති කරගන්න බැරිවුණා..
03:48