වප් පුර පසළොස්වක පොහොය අදයි

වප් පුර පසළොස්වක පොහොය දිනය අද (17) දිනට යෙදී තිබෙනවා.

වස් සාර මාසයේ අවසාන මාසය ආරම්භ වන්නේ වප් පුර පසළොස්වක පොහොය දිනයෙන්.

කඨින චීවර පූජා කරන මාසයේ සමාරම්භක දිනය වප් පොහොයෙන් ඇරඹෙන හෙයින් මෙම මාසය චීවර මාසය ලෙස ද බෞද්ධ සාහිත්‍යයේ යෙදෙනවා.

කඨිනය හැර වෙනත් ඕනෑම බෞද්ධ පූජෝත්සවයක් වර්ෂයේ නියම කරගත් අභිමත දිනකදී හෝ වර්ෂයේ කිහිප අවස්ථාවකදීම සිදු කළ හැකි වුවත් කඨින චීවර පූජා පුණ්‍ය මහෝත්සවය සිදුකළ හැකි වන්නේ එක් වසරක් තුළ එක් තැනෙකදී එක් වරක් පමණකි.

ඒ වප් පොහොය දිනය එළඹුණු මාසයේ පමණක් වීම ද මෙම පොහොයේ වැදගත්කම අතර වනවා.

සත් වැනි වස් කාලය තව්තිසා දිව්‍ය ලෝකයෙහි ගත කළ බුදුරජාණන් වහන්සේ සංකස්ස නගර ද්වාරයට වැඩම කළේ ද වප් පුර පසළොස්වක පොහොය දිනෙක වන අතර දිව්‍ය බ්‍රහ්ම සමූහයාගේ පංචතූර්ය වාදනයෙන් හා සාදු නාදයන් මධ්‍යයේ අප්‍රමාණ බුද්ධශ්‍රීයෙන් සංකස්ස නගර ද්වාරයට බුදුරදුන් වැඩම කළ කල්හි ඒ අසිරිය දුටු සියල්ලෝම බුදුවන්නටම ප්‍රාර්ථනා කළ බවයි බෞද්ධ සාහිත්‍යයේ දැක්වෙන්නේ.

දේවාවරෝහණ නම් වූ මෙම මහා පූජෝත්සවය දැකීමෙනුත් බුදුරදුන් හා සැරියුත් මාහිමියන් අතර වූ ප්‍රශ්න විසර්ජන සාකච්ඡාව ශ්‍රවණය කිරීමෙනුත් අපමණ ප්‍රසාදයට පත් මෛත්‍රීය බෝසතාණන් වහන්සේ අප ගෞතම බුදුරජාණන් වහන්සේගේ සසුනෙහි පැවිදි බවට පත් වූයේ ද වප් පුර පසළොස්වක පොහොය දිනෙක යි.

එමෙන්ම අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේගේ නියමයෙන් දේවානම්පියතිස්ස රජුගේ සංදේශයත් තුටු පඬුරුත් රැගෙන ලක්දිව අරිට්ඨ කුමරු ප්‍රමුඛ රාජකීය දූත පිරිසක් දඹදිව පැලලුප් නුවර සිටි ධර්මාශෝක අධිරාජයා වෙත පිටත්කොට හැරියේත් වප් පොහොය දිනෙක වනවා.

එම දූත චාරිකාවෙහි අරමුණ වූයේ සංඝමිත්තා මහ රහත් තෙරණිය සිරිලකට වැඩම කරවාගෙන ලක්දිව පැවිද්ද බලාපොරොත්තුවෙන් සිටි අනුලා දේවිය ප්‍රමුඛ කුල කතුන් සුසන්ගත කරවීමයි.

ථූපාරාම විනය සංගායනාව ද සිදු වූ මෙම උතුම් පොහෝ දිනයේ සිට සෑම වසරකම ඇසළ පොහෝදා සිට වප් පොහෝදා දක්වා යෙදෙන වස් කාලය සැදැහැවතුන්ගේ පුණ්‍ය කාලයයි.

වස් පින්කම් මාලාව අවසන් වනුයේ කඨින චීවර පූජා පුණ්‍ය මහොත්සවයෙන් වන අතර වප් පුර පසළොස්වක පොහෝදා සිට මෙම කඨින මහා පින්කම් ඇරඹෙනවා.

එය අවසන් වන්නේ ඉල් පුර පසළොස්වක පොහොය දිනයෙන් වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32