බෙන් ඩකට් එංගලන්තයේ පළමු ඉනිම ගොඩදමයි – අගනා ටෙස්ට් ශතකයකුත් ලියා ගනියි

පාකිස්තානය සහ එංගලන්තය අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අද (16) අවසන් වන විට එංගලන්ත කණ්ඩායම කඩුලු 06ක් දැවී ලකුණු 239ක් ලබාගෙන සිටිනවා.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පිතිකරණය තෝරාගත් පාකිස්තාන කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 366ක් ලබාගත් අතර මේ වනවිට ප්‍රතිවාදී එංගලන්තය පාකිස්තානයේ පළමු ඉනිමට වඩා ලකුණු 127ක් පසුපසින් සිටින්නේ තවත් කඩුලු 04ක් පමණක් අතැතිවයි.

මුල්තාන් නුවරදී පැවැත්වෙන දෙරට අතර තරගයේ දී පාකිස්තාන පළමු ඉනිම වෙනුවෙන් එංගලන්තයට එරෙහිව දෙවැනි ටෙස්ට් තරගයේ දී ජාත්‍යන්තර ටෙස්ට් වරම් දිනූ කම්‍රන් ගුලාම් මංගල ටෙස්ට් ශතකය වාර්තා කරමින් ලකුණු 118ක් ලබා ගත්තා.

සයිම් අයුබ් ලකුණු 77ක් ද මොහොමඩ් රිස්වාන් ලකුණු 41ක් ද රැස් කළා.

පාකිස්තානයේ පළමු ඉනිමේ කඩුලු බිඳ දැමීමේ දී එංගලන්තයේ ජැක් ලීච් කඩුලු 04ක් ද, බ්‍රයිඩන් කාර්ස් කඩුලු 03ක් ද දවාගත් අතර මැතිව් පොට්ස් කඩුලු 02ක් සහ බෂීර් එක් කඩුල්ලක් බිඳ හෙලුවා.

සිය පළමු ඉනිම ඉන් අනතුරුව ඇරඹි එංගලන්තයේ මැද පෙළ එතරම් සවි නොවුණ ද, ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පැමිණි බෙන් ඩකට් අද දිනයේ දී සිය සිව්වැනි ටෙස්ට් ශතකය වාර්තා කළේ ලකුණු 114ක් ලබා ගනිමින්.

ජෝයි රූට් ලකුණු 34යි.

ඔලී පොප්ගෙන් ලකුණු 29ක් ද සැක් ක්‍රෝලිගෙන් ලකුණු 27ක් එංගලන්තයේ ලකුණු පුවරුව වෙනුවෙන් එක් වුණා.

කඩුලු බිඳ දැමීමේ දී සජිඩ් ඛාන් කඩුලු 04ක් ද නෝමන් අලීගෙන් කඩුලු 02ක් ද පාකිස්තානයේ කඩුලු දඩයමට එක් වුණු අයුරු දක්නට ලැබුණා.

හෙට (17) තරගයේ තෙවැනි දිනයයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30