කොදෙව්වන්ට එරෙහිව T20 තරගාවලි ජයක් ලැබීමට ශ්‍රී ලංකාවට අවස්ථාවක්

තරග 03කින් සමන්විත සංචාරක බටහිර ඉන්දීය කොදෙව් – ශ්‍රී ලංකා තුන්වැනි හා අවසන් T20 තරගය අද (17) පැවැත්වෙනවා.

මෙම තරගය අද රාත්‍රී 07ට දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී ආරම්භ වනු ඇති.

මේ වනවිට දෙපාර්ශ්වය ම තරග 1-1ක බැගින් ජයගෙන තරගාවලියේ ජයග්‍රහණය සම මට්ටමේ පසුවනවා.

එබැවින් අද තරගය ජය ගැනීම දෙපාර්ශ්වයට ම තීරණාත්මක වන්නේ තරගාවලි ජයග්‍රහණයක් අත්පත් කරගැනීම සඳහායි.

ශ්‍රී ලංකාව සහ කොදෙව්වන් අතර T20 තරග මෙතෙක් 17ක් පවත්වා ඇති අතර ශ්‍රී ලංකාව තරග 09ක් ජයගෙන ඉදිරියෙන් සිටිනවා.

කොදෙව්වන් ජයගෙන ඇත්තේ තරග 08ක් පමණයි.

එමෙන්ම ශ්‍රී ලංකාව සිය මව්බිමේ දී කොදෙව්වන්ට එරෙහිව තරග 03ක් ජයගෙන තිබෙනවා.

කොදෙව්වන් ජයගෙන ඇත්තේ තරග 02ක් පමණයි.

එබැවින් ශ්‍රී ලංකා කණ්ඩායමට කොදෙව්වන්ට එරෙහිව T20 විශිෂ්ටත්වය පෙන්වීම සඳහා අද තරගය ජයග්‍රහණය කිරීම අතිශය වැදගත් වනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14