යතුරුපැදියක් ගන්න ස්වර්ණාභරණ සොරකමේ ගිහින්

දිවුලපිටිය, හොරගස්මුල්ල ප්‍රදේශයේ නිවසකට අයුතු ලෙස ඇතුළු වී රුපියල් 880000ක් වටිනා රන් භාණ්ඩ සොරා
ගත් සැකකරුවෙකු ලබන මාර්තු මස 07 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ටී. තේනබදු මහත්මිය යි ඊයේ මෙම නියෝගය ලබාදී ඇත්තේ.

හොරගස්මුල්ල ප්‍රදේශයේ පදිංචි සැකකරු පැමිණිලිකාරිය ගේ ඥාති සහෝදරයෙකු බව සඳහන්.

පසුගිය 17 වෙනිදා පැමිණිලිකාරිය නිවසින් බැහැරව සිටි අවස්ථාවක මෙම සැකකරු නිවසේ ජනේලයක් විවෘත කර නිවසට ඇතුළු වී සොරකම සිදුකර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

සොරාගන්නා ලද රන්මාල දෙකක්, රන් මුදු දෙකක් සහ රන් අත් පළඳනා දෙකක් ඇතුළු රන් භාණ්ඩ රැසක් ජාඇල ප්‍රදේශයේ ස්වර්ණාභරණ අලෙවි සැළකට ලබාදී වෙනත් රන් ආභරණ ලබා ගෙන ඇති බව පොලිසිය විමර්ශනවලදී හෙළිකරගෙන තිබෙනවා.

සැකකරු සොරාගන්නා ලද සියලු රන් භාණ්ඩ සහ මිලදී ගත රන් භාණ්ඩ පොලිස් භාරයට ගනු ලැබුවා.

සැකකරු එම රන් භාණ්ඩවලට හිමිකම් නොකියන බවත් ඒවා සොරා ගෙන ඇත්තේ යතුරු පැදියක් මිලදී ගැනීමේ ආශාව මත බවයි සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
1
මාර දුකයි !
0
මලපනිනව !
1
කුජීතයි !
0
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?