මෝදි සමඟ ජනපති අනුර අනුරපුර පූජා නගරයට (ඡායාරූප)

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අද (06) පෙරවරුවේ අනුරාධපුර පූජා නගරයට පැමිණියා.

එහිදී ඔහු ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ වැඳපුදාගෙන ආශීර්වාද ලබාගත් අතර, මෙම ගමන සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක ද එක්ව සිටීම විශේෂත්වයක්.

මෙහිදී මෝදි අග්‍රාමාත්‍යවරයා සහ ජනධිපති අනුර කුමාර, අනුරාධපුර අටමස්ථානාධිපති නුවරකලාවියේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන් බැහැදැක උන්වහන්සේගේ ආශිර්වාද ලබාගත්තා.

මේ අතර මෝදි අගමැතිවරයා සහ ජනාධිපති අනුර කුමාර අනුරාධපුරයට පැමිණෙන අතර තුර, නරේන්ද්‍ර මෝදි සිය එක්ස් ගිණුමට විශේෂ ඡායාරුපයක් එක්කර තිබුණා.

01
Gn1BjgXXwAApqRk
Gn1BiRDWMAAwotb
Gn1Bf4hXkAAcp C
Gn1BeffWQAA27Wh