මෝටර් රථ අනතුරකින් විද්‍යාඥයෙක් ජීවිතක්ෂයට (ඡායාරූප)

මෝටර් රථයක් අනාරක්ෂිත ලෙස මාර්ගයේ දමා තිබූ මාර්ග බාධකයක ගැටී ගෝනපොල, කුඹුක ප්‍රදේශයේ දී සිදුවූ අනතුරකින් 37 හැවිරිදි වියේ පසුවූ පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ගොනපොල, කුඹුක නැගෙනහිර ප්‍රදේශයේ පදිංචි, නැනෝ තාක්ෂණ ආයතනයේ පරීක්ෂක විද්‍යාඥයෙක් බවයි වාර්තා වන්නේ.

අද (04) අලුයම මෙම අනතුර සිදුව ඇති අතර, තෙමස් වියැති තම දරුවාගේ කිරි දානයට මල් රැගෙන යළි නිවස කරා මෝටර් රථයෙන් පැමිණෙමින් සිටිය දී ඔහු මෙම අනතුරට මුහුණ පා ඇති බවයි වාර්තා වුණේ.

අනතුර සිදු වූ අවස්ථාවේ දී මෝටර් රථයේ වායු බැලුන් ක්‍රියාත්මක වීමත් සමඟ එයින් විසි වූ ප්ලාස්ටික් කැබැල්ලකින් ඔහුගේ ගෙළ ප්‍රදේශය කැපී ඇති අතර, ඔහු රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව සඳහන්.

අනතුර සම්බන්ධයෙන් මොරගහහේන පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරණු ලබනවා.

  1. නිවන් සුව ලැබේවා.මේ වහන කම්පැනිය සම්පූර්ණයෙන් වගකිය යුතු වන්නේ නැද්ද.මේ මරනයට

  2. වාහන වල ඩෑශ් බෝඩ් එකේ එක එක විකාර තියන්න එපා ඇක්සිඩන්ට් එහකදී ඒව වැදිල වෙන අනතුරු වැඩියි මේකත් ඒ වගේ අනතුරක්



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අගමැතිනියත් සංවේදී වූ මොහොත - "ඉස්සර වගේ ෆිල්ම් බලන්න යන්න බැරිවීම ගැන දුකයි"
02:11
Video thumbnail
පොහොට්ටුවේ රැළියට සූදානම් වන අනුරාධපුරය - කට්ටිය බරටම වැඩ
00:19
Video thumbnail
මතුගම රෝහලේ කෙරුවාව හෙළිවෙයි ?තුවාලයේ බැන්ඩේජ් එක ගලවලා හෝදගෙන ගේන්නලු
02:25
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් සෙත් පතා බෝධි පූජා පින්කමක්
01:06
Video thumbnail
බෝට්ටුවේ නැගලා ගැම්මට රවුමක් ගිය හඳුන්නෙත්ති
01:04
Video thumbnail
අදත් අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
00:37
Video thumbnail
මොණරාගල අවට ප්‍රදේශවලට ඇදහැලුණු මහ වැස්ස
01:32
Video thumbnail
අනවසර වෙළෙඳසැල් කඩා දැමීමේදී මිනිස්සු යකා නටයි.
01:33
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් හා රටට සෙත් පතා බෝධි පූජා පින්කමක් - විශ්ව බලයෙන් මහ වැසි වසීවා
03:48
Video thumbnail
තමා දුන් තීන්දු රිවස් කිරීම ගැන මෛත්‍රිපාල කිව්ව දේ - "මම ව්‍යවස්ථානුකූලව කරලා තියෙනවා"
01:12