මෝටර් රථ අනතුරකින් විද්‍යාඥයෙක් ජීවිතක්ෂයට (ඡායාරූප)

මෝටර් රථයක් අනාරක්ෂිත ලෙස මාර්ගයේ දමා තිබූ මාර්ග බාධකයක ගැටී ගෝනපොල, කුඹුක ප්‍රදේශයේ දී සිදුවූ අනතුරකින් 37 හැවිරිදි වියේ පසුවූ පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ගොනපොල, කුඹුක නැගෙනහිර ප්‍රදේශයේ පදිංචි, නැනෝ තාක්ෂණ ආයතනයේ පරීක්ෂක විද්‍යාඥයෙක් බවයි වාර්තා වන්නේ.

අද (04) අලුයම මෙම අනතුර සිදුව ඇති අතර, තෙමස් වියැති තම දරුවාගේ කිරි දානයට මල් රැගෙන යළි නිවස කරා මෝටර් රථයෙන් පැමිණෙමින් සිටිය දී ඔහු මෙම අනතුරට මුහුණ පා ඇති බවයි වාර්තා වුණේ.

අනතුර සිදු වූ අවස්ථාවේ දී මෝටර් රථයේ වායු බැලුන් ක්‍රියාත්මක වීමත් සමඟ එයින් විසි වූ ප්ලාස්ටික් කැබැල්ලකින් ඔහුගේ ගෙළ ප්‍රදේශය කැපී ඇති අතර, ඔහු රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව සඳහන්.

අනතුර සම්බන්ධයෙන් මොරගහහේන පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරණු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
5
අවුල් වගේ !
5
හරි හිනා !
2
හම්මෝ !
4
මාර දුකයි !
180
මලපනිනව !
14
කුජීතයි !
8
spot_img
Subscribe
Notify of
4 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?