මොහොමඩ් අසාම් සිරබ්ඩීන්ගේ ඡායාරූප මාධ්‍ය වෙත නිකුත් වීමෙන් පවුලට අගතියක් වූ බවට මෝසමක්

වෙඩිවැදී මියගිය පාතාල කල්ලි සාමාජිකයෙකු වූ ගනේමුල්ලේ සංජීව නමැත්තාගේ ඝාතන සැකකරු ලෙස මොහොමඩ් අසාම් සිරබ්ඩීන් ⁣ලෙස නම් කර ඔහුගේ ඡායාරූප මාධ්‍ය වෙත මුදා හැරීම හේතුවෙන් මොහොමඩ් අසාම් සිරබ්ඩීන්ගේ පවුලේ ඥාතීන්ට අගතියක් සිදු වී ඇති බවට මෝසමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද (20) ඉදිරිපත් කළා.

මොහොමඩ් අසාම් සෙරෙඩ්ඩීම් යන අයගේ සහෝදරයෙකු විසින් ගොනු කළ මෙම මෝසම නීතිඥ නුවන් ජයවර්ධන මහතා මගින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.

මෝසම සම්බන්ධයෙන් නීතිඥ දසුන් පෙරේරා මහතා අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් කියා සිටියේ දැනට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති සැකකරු මොහොමඩ් අසාම් සෙරෙබ්ඩීම් නොවන බවයි.

එමෙන්ම ඝාතකයාගේ රුව නිසියාකාරව සීසීටීවී දර්ශන මගින් හඳුනා ගැනීමට පෙර පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළ සැකකරුගේ නම හා පුත්තලම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් සැකකරු එක් අයෙකු නොව දෙදෙනකු බවයි.

ඒ ආකාරයට ඝාතකයා ලෙස සිය සේවාදායකයාගේ සොහොයුරාගේ නම හා ඡායාරූපය පල කිරිමෙන් එම පවුලට අගතියක් සිදු වූ බව නීතිඥවරයා අධිකරණයට පෙන්වා දුන්නා.

මේ හේතුවෙන් නම සඳහන් වූ සැකකරුගේ පවුලේ ඥාතීන්ට නීතිමය ප්‍රශ්න හා සමාජයේ ප්‍රශ්න ඇති වී ඇති බවත්, ඒ අවස්ථාවේ සිට පොලිසිය නිවසට පැමිණ ඔහුගේ යතුරුපැදිය පවා රැගෙන ගිය බවත්, ඒ සම්බන්ධයෙන් සුදුසු නියෝගයක් කරන ලෙසත් ඉල්ලා සිටියා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී මහත්මිය සිද්ධියට අදාළ සැකකරු තවමත් අධිකරණයට ඉදිරිපත් කර නොමැති හෙයින් අදාළ ඉල්ලීම සැකකරු ඉදිරිපත් කරන අවස්ථාවේ අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නීතිඥවරුන්ට දන්වා සිටියා.

එහිදී කෙසෙල්වත්ත පොලිසිය සඳහන් කළේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගෙන ඒ පිළිබඳව අධිකරණයට දැනුම්දෙන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.05.20
01:01:04
Video thumbnail
බණ්ඩාරවෙල මහනගර සභාවෙන් බස් නැවතුම්පොළට දුන්න සුද්දය
01:08
Video thumbnail
උසාවියට රැගෙන ආ සලේ STF ආරක්ෂාව මැද යළි රැගෙන යන හැටි
01:37
Video thumbnail
වාහන ගෙන්වීමේදී ලොකු අක්‍රමිකතාවක් වෙලා..ආණ්ඩුව බැලුවේ සීමා කරන්න
05:18
Video thumbnail
ජංගිවල හිල් කිව්ව ප්‍රබලයට කතක් රිදෙන්නම දෙයි.."ඔයා වෙනුවෙන් Design කරලා දෙන්නම් Underwear ටිකක්"
01:51
Video thumbnail
පාලකයන්ට ෆැරලයිස්ද ? හැඟීම් දැනීම් දැනෙන්නේ නැද්ද ? - බිහිසුණු ඉරණමක් අත්වූ කතක් මාධ්‍යය දෙවනත් කරයි
10:31
Video thumbnail
ඇල්ලු ආයුධ ගැන ජනපති හැමෝම ඉස්සරහා කියයි - මොකක්ද ඔබේ යුනිෆෝම් එකේ ඇති වගකීම ?
02:17
Video thumbnail
බණ්ඩාරවෙල මහනගර සභාවෙන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක්..කට්ටිය හිනා වෙවී වැඩ
01:31
Video thumbnail
මාස 06 කාලය තුල ඇල්ලු මත්ද්‍රව්‍ය ගැන ජනපතිගෙන් හෙළිදරව්වක්..ආගමික ස්ථාන දක්වා ව්‍යසනය පැතිරිලා
03:55
Video thumbnail
ඩොලරයේ අර්බුදයට ජනපතිගෙන් පිළිතුරු.."තියෙන තෙරපුව කෙටි කාලයක් පාලනය කර ගත යුතුයි"
02:31