මොහොමඩ් අසාම් සිරබ්ඩීන්ගේ ඡායාරූප මාධ්‍ය වෙත නිකුත් වීමෙන් පවුලට අගතියක් වූ බවට මෝසමක්

වෙඩිවැදී මියගිය පාතාල කල්ලි සාමාජිකයෙකු වූ ගනේමුල්ලේ සංජීව නමැත්තාගේ ඝාතන සැකකරු ලෙස මොහොමඩ් අසාම් සිරබ්ඩීන් ⁣ලෙස නම් කර ඔහුගේ ඡායාරූප මාධ්‍ය වෙත මුදා හැරීම හේතුවෙන් මොහොමඩ් අසාම් සිරබ්ඩීන්ගේ පවුලේ ඥාතීන්ට අගතියක් සිදු වී ඇති බවට මෝසමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද (20) ඉදිරිපත් කළා.

මොහොමඩ් අසාම් සෙරෙඩ්ඩීම් යන අයගේ සහෝදරයෙකු විසින් ගොනු කළ මෙම මෝසම නීතිඥ නුවන් ජයවර්ධන මහතා මගින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.

මෝසම සම්බන්ධයෙන් නීතිඥ දසුන් පෙරේරා මහතා අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් කියා සිටියේ දැනට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති සැකකරු මොහොමඩ් අසාම් සෙරෙබ්ඩීම් නොවන බවයි.

එමෙන්ම ඝාතකයාගේ රුව නිසියාකාරව සීසීටීවී දර්ශන මගින් හඳුනා ගැනීමට පෙර පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළ සැකකරුගේ නම හා පුත්තලම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් සැකකරු එක් අයෙකු නොව දෙදෙනකු බවයි.

ඒ ආකාරයට ඝාතකයා ලෙස සිය සේවාදායකයාගේ සොහොයුරාගේ නම හා ඡායාරූපය පල කිරිමෙන් එම පවුලට අගතියක් සිදු වූ බව නීතිඥවරයා අධිකරණයට පෙන්වා දුන්නා.

මේ හේතුවෙන් නම සඳහන් වූ සැකකරුගේ පවුලේ ඥාතීන්ට නීතිමය ප්‍රශ්න හා සමාජයේ ප්‍රශ්න ඇති වී ඇති බවත්, ඒ අවස්ථාවේ සිට පොලිසිය නිවසට පැමිණ ඔහුගේ යතුරුපැදිය පවා රැගෙන ගිය බවත්, ඒ සම්බන්ධයෙන් සුදුසු නියෝගයක් කරන ලෙසත් ඉල්ලා සිටියා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී මහත්මිය සිද්ධියට අදාළ සැකකරු තවමත් අධිකරණයට ඉදිරිපත් කර නොමැති හෙයින් අදාළ ඉල්ලීම සැකකරු ඉදිරිපත් කරන අවස්ථාවේ අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නීතිඥවරුන්ට දන්වා සිටියා.

එහිදී කෙසෙල්වත්ත පොලිසිය සඳහන් කළේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගෙන ඒ පිළිබඳව අධිකරණයට දැනුම්දෙන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගමක් හෙල්ලෙන්න ගහපු උණ වෙඩි - මේක නම් බලන්නම ඕන වීඩියෝ එකක්
05:07
Video thumbnail
හයි වේ එකේ දැන් තත්ත්වය මෙන්න - මීට කළින් මෙහෙම ට්‍රැෆික් එකක් දැකලා තියෙනවද ?
04:22
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
00:58
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
03:58
Video thumbnail
බයික් එක ඉස්සුවද ? මෙන්න බඩු පොලිසියේ
02:34
Video thumbnail
සුද්දෝ සුද්දියෝ අවුරුදු සමරපු හැටි - ඇස් බැඳලා කිරි කාපු විදිහ තමයි මරු
03:58
Video thumbnail
ගමෙන් ආපු මිනිස්සු නැත්නම් කොළඹත් ගම වගේ
07:23
Video thumbnail
දළඳා හාමුදුරුවෝ ඉස්සරහා පිරිත් හඬ මැද්දේ කිරි උතුරා ගිය හැටි
03:23
Video thumbnail
පාරේ සිමෙන්ති බාපු අයියට පොලිසිය කියලා දීපු පාඩම
06:11
Video thumbnail
සජිත්ට ඇයි මේ අවුරුදු කටේ තරහා ගිහිං
13:08

?