මහනුවර නගරයේ ඉදිකිරීමක කොටසක් කඩා වැටී කම්කරුවන් දෙදෙනෙක්ට බරපතලයි

මහනුවර නගරයේ කොටුගොඩැල්ල වීදීය අසල ඉන්ධන පිරවුම් හලක් ආසන්නයේ පුද්ගලික පස් මහල් ⁣ගොඩනැගිල්ලක අමතර කොටසක ඉදිකිරීම් කටයුත්තක් සිදු කරමින් සිටියදී අද (24) දහවල් එම ඉදිකිරීම් කොටසක් හදිසියේ කඩා වැටීමට ලක්ව තිබෙනවා.

ඉදිකිරීම් කටයුතුවල නිරතව සිටි ඉදිකිරීම් කම්කරුවන් දෙදෙනෙක් එම කඩා වැටුණු ඉදි කිරීම්වලට යටවී බරපතල තුවාල ලබා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

සුන්බුන් වලට යටවී බරපතළ තුවාල ලද ඉදිකිරිම් සේවකයන් අවට සිටි පිරිස් විසින් ඉවත්කර හදිසි සේවා ගිලන් රථ මඟින්, මහනුවර රෝහල වෙත යැවීමට පියවර ගෙන තිබෙනවා.

මහනුවර පොලිසිය විසින් මෙම අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42