ජාතික ජන බලවේගයේ යාපනය දිස්ත්‍රික් කාර්යාලය විවෘත කෙරේ

යාපනය, අරියාලෙයි ප්‍රදේශයේ දී ජාතික ජන බලවේගයේ යාපනය දිස්ත්‍රික් කාර්යාලය ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්ගේ ප්‍රධානත්වයෙන් විවෘත ඊයේ (23) විවෘත කෙරුණා.

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කේ.ඉලංගුමරන් සහ ජේ.රජීවන්, නාගරික මන්ත්‍රීවරුන් වන සු. කපිලන් සහ එස්.ප්‍රදීපන් යන මහත්වරුන් මෙන්ම යාපනය දිස්ත්‍රික් පළාත් පාලන මන්ත්‍රීවරුන් සහ පාක්ෂිකයින් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.