අඹුසැමි යුවළට දිවි අහිමි කළ රත්රන් හොරා අධිකරණ වෛද්‍යවරයා හමුවට

හැටන් දික්ඔය නගරයේ අඹුසැමි යුවලක් ඝාතනය කර කාන්තාව සතු පවුම් 18ක ස්වර්ණාභරණ රැගෙන පලා ගිය සැකකරු හැටන් සහ බගවන්තලාව පොලිසිය මගින් ඊයේ (23) දින අත්අඩංගුවට ගෙන හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට ප්‍රථම දික්ඔය මූලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමුකර වාර්ථාවක් ලබා ගැනිමට හැටන් පොලිසියේ අපරාධ විමර්ෂන අංශයේ නිළධාරින් පියවර ගෙන තිබෙනවා.

සැකකරු බගවන්තලාව පෙට්‍රසෝ වතුයායේ බිරිදගේ සොයුරාගේ නිවසේ සැගව සිටියදී එම නිවස අසල පදිංචිකරුවන් පිරිසක් විසින් සැකකරු සොයා දෙන ලෙස මාධ්‍ය මගින් කළ දැනුම්දීමක් මත ඒ පිලිබදව පොලිසිය වෙත තොරතුරු ලබා දිමෙන් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වුණා.

අත්අඩංගුවට ගත් සැකකරු සහ සැකකරුගේ බිරිද හැටන් මහේස්‍ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර, සැකකරු තවදුරටත් පොලිසිය තුල රදවාගෙන ප්‍රශ්න කිරිමට රැදවුම් නියෝග ලබා ගන්නා බවයි හැටන් පොලිසියේ අපරාධ විමර්ෂණ අංශයේ
නිළධාරියෙක් කියා සිටියේ.

සැකකරු විසින් රැගෙන ගිය ස්වර්ණාභරණ සියල්ල ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මේ අතර, ඝාතනයට ලක් වූ එස්.කාලිමුත්තු සත්තිවේල් සහ සගුන්තලාදේවි යන අය‍ගේ අවසන් කටයුතු අද (24) දින පස්වරුවේ දික්ඔය දරවල පොදු සුසාන භූමියේදි සිදු කෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු නුවරඑළියම මීදුමෙන් වැසී යයි
01:26
Video thumbnail
මෛත්‍රීට බේරිලා යන්න දෙන්න බෑ - නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ
10:39
Video thumbnail
නාමල්ට එන චෝදනාවලට පොහොට්ටුවෙන් CIDට පැමිණිල්ලක් - "ආණ්ඩුව දන්නවා නාමල් මේක අතට ගන්නවා කියලා"
05:13
Video thumbnail
නුවරඑළිය ග්‍රෙගරි වැවේ බෝට්ටු පැදීම තහනම් කරයි
01:10
Video thumbnail
දයාසිරි, බිමල් පැටලෙයි - හිනාවෙන්න එපා, ගිහින් ඉගෙනගෙන එන්න
13:27
Video thumbnail
නලින්ද - සජිත්ට දුන්න සැර හින්ට් එක - සජිත් ප්‍රේමදාස නින්දෙන් ඇහැරුණා වගේ
02:42
Video thumbnail
නාය ගිය තැන බලන්න ආණ්ඩුවේ ප්‍රබලයෙක් දුවගෙන එයි
04:19
Video thumbnail
විනිසුරු විශ්‍රාම වයස ගැන මහා නාහිමියන් ආණ්ඩුවට කිව්ව දේ මෙන්න - "විරුද්ධ නෑ - සතුටු වුණා"
07:09
Video thumbnail
මහින්දගේ ලොකු පුතාටත් නඩු දාන්න කියන්නකෝ - එතකොට ඉවරයිනේ
00:45
Video thumbnail
පරිසරවේදින් හා සභාවේ සේවකයෙකු අතර උණුසුම් තත්ත්වයක් - "ගඟ බලන එකා මගේ අම්මට ###"
04:43