Fly high Get bonus Aviator Phone

මෛත්‍රීට එරෙහි නඩු විභාගයකින් විනිසුරුවරයෙකු ඉවත්වෙයි

තමන්ට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර තිබෙන පෞද්ගලික පැමිණිල්ලක් බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන මෙන් ඉල්ලා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරිපත් කළ පෙත්සම විභාග කරන පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ එක් විනිසුරුවරයකු ඉවත් වන බව දැනුම් දී ඇතැයි අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා අද (31) ප්‍රකාශ කළා.

මෙම පෙත්සම අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන විනිසුරුවරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියෙහි කැඳවනු ලැබුවා.

එම අවස්ථාවේදී සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න දැනුම් දුන්නේ මෙම පෙත්සම විභාග කිරීම සහ පත් කළ පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු නීල් ඉද්දවෙල මෙම නඩු කටයුත්තෙන් ඉවත්වන බව දැනුම් දී ඇති බවයි.

ඒ, අනුව අදාළ පුරප්පාඩුව සඳහා අභියාචනාධිකරණ විනිසුරු ඩී. එන්. සමරකෝන් නම් කරන බවත් සභාපති විනිසුරුවරයා නිවේදනය කළා.

ඒ අනුව අදාළ පෙත්සම නිශ්ශංක බන්දුල කරුණාරත්න සෝභිත රාජකරුණා මේනකා විජේසුන්දර ධම්මික ගනේපොල සහ ඩී. එන් සමරකෝන් යන පංච පුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ ඔක්තෝබර් මස 16, 17, 18 සහ 20 යන දිනවල විභාගයට ගැනීම සඳහා දින නියම කෙරිණි.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධී මිනීමැරීම ඇතුළු චෝදනා යටතේ සිරිල් ගාමිණී පියතුමා ඇතුළු දෙදෙනෙකු විසින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෞද්ගලික පැමිණිල්ලක් ගොනු කර තිබුණි.

එම පැමිණිල්ල සලකා බැලූ කොටුව මහේස්ත්‍රාත්වරයා වගඋත්තරකාර මෛත්‍රිපාල සිරිසේනට අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා සිතාසි නිකුත් කළේය.

එම සිතාසිය නීති විරෝධී යැයි තීන්දු කොට අදාළ පුද්ගලික පැමිණිල්ල බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් වන ලෙසත් මෛත්‍රීපාල සිරිසේන අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කටුනායක කර්මාන්තශාලාවක් නැවැත්වීමෙන් කම්කරුවන් 1200කගේ රැකියා අහිමිවේ
14:45
Video thumbnail
ම#රණය අතේ තියාගෙන විදුලි ට්‍රාන්ස්පෝමරයෙන් මහ රෑ තඹ කම්බි කපන හැටි
01:42
Video thumbnail
රැග් දෙනවනම්..ඌව අල්ලලා ගස් බැදපියව්.. සීලරතන හිමි ෆයර් වෙයි
04:17
Video thumbnail
දෑතට විලංගු වැටුණු රඹුක්වැල්ලගේ පුතා පියාගේ අඩිපාරෙම යන හැටි
01:25
Video thumbnail
දයාසිරිට නහුතෙට තදවෙයි - මුලාසනයට කියපු සැර කතාව
07:15
Video thumbnail
පාර්ලිමේන්තු සජීවී විකාශය - 🔴Live 2025.05.21
04:04:24
Video thumbnail
අනුරගේ දැන් තියෙන්නේ ගජමිතුරු දේශපාලනයක්.. දයාසිරි අනුරට රිදෙන්නම දෙයි
17:56
Video thumbnail
මෙන්න වැඩක් - ලක්ෂ 59 ක මුදල් වංචාවකට මාලිමා මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට
03:45
Video thumbnail
රමිත් රඹුක්වැල්ල අත්අඩංගුවට පත්වුණු හැටි මෙන්න දැන් ලැබුණු නවතම දර්ශන
01:16
Video thumbnail
අදත් නාමල් රාජපක්ෂ අධිකරණයට - එළියට එද්දී කියපු සැර කතාව
03:59

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?