නික්ම යන ස්විට්සර්ලන්ත තානාපතිනිය සහ කථානායකවරයා අතර හමුවක්

සිය සේවා කාලය අවසන්කර ධුරයෙන් නික්ම යන ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපතිනි, ආචාර්ය සිරි වෝල්ට් (Siri Walt) සහ
මෙරට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න අතර හමුවක් පසුගිය 24 පාර්ලිමේන්තුවේ දී පැවැත්වුණා.

මෙම හමුව සඳහා පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර ද එක්ව සිටියා.

මෙම හමුවේදී, ධුරයෙන් නික්ම යන තානාපතිවරිය ස්විට්සර්ලන්තය සහ ශ්‍රී ලංකාව අතර පවත්නා දීර්ඝකාලීන මිත්‍රත්වය සහ සුහද පාර්ලිමේන්තු සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ලබාදුන් සහයෝගය වෙනුවෙන් කථානායකවරයා වෙත සිය කෘතඥතාව පළ කළා.

ආචාර්ය සිරි වෝල්ට් , ශ්‍රී ලංකාව තුළ ඉටුකළ සේවය මෙහිදී කථානායකවරයාගේ ඇගයීමට ලක්වූ අතර, මෑතකදී මෙරටට බලපෑ දිට්වා සුළි කුණාටුවෙන් පසුව ලබාදුන් සහාය ඇතුළු අසීරු අවස්ථාවලදී ශ්‍රී ලංකාවට ලබාදුන් සහයෝගය වෙනුවෙන් ස්විට්සර්ලන්තයට සහ එහි ජනතාවට එතුමා සිය ස්තුතිය පුද කරනු ලැබුවා.

එමෙන්ම කථානායකවරයා ඇයගේ ඉදිරි අනාගත කටයුතු සාර්ථක කර ගැනීම සඳහා සිය ශුභාශිංසනද එක් කළා.

මෙම සාකච්ඡාවේදී, රජය විසින් දූෂණය පිටුදැකීම, විනිවිදභාවය සහ වගවීම ඉහළ නැංවීම ,මෙන්ම සංහිඳියාව හා ජාතික සමගිය ප්‍රවර්ධනය කිරීම සඳහා ගෙන යන අඛණ්ඩ ප්‍රයත්නයන් පිළිබඳව ද කථානායකවරයා මෙහිදී කරුණු පැහැදිලි කරනු ලැබුවා.

ස්විට්සර්ලන්තය සහ ශ්‍රී ලංකාව අතර පවතින ශක්තිමත් සහ සුහද සබඳතා යළිත් තහවුරු කරමින්, දෙරට අතර පාර්ලිමේන්තු සහයෝගීතාව අඛණ්ඩව පවත්වාගෙන යාම සහ තවදුරටත් වර්ධනය කරගැනීමේ වැදගත්කම මෙන්ම අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන විවිධ ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව පිළිබඳව ද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මම අපරාජිත දේශපාලකයෙක්..ඔයාලට පිං - මෛත්‍රිපාල ගැම්මට කිව්ව කතාව
02:42
Video thumbnail
මෛත්‍රී අපූරුවට බණ කිව්ව හැටි.."ළමයි Phone අරගෙන වෙන ඒවට ඇඟිලි ගහන්නේ.."
06:23
Video thumbnail
පිළිකා රෝගින් වෙනුවෙන් තම හිසකෙස් පරිත්‍යාග කළ කාන්තාවන් - පොලිස් කාන්තාවොත් ඇවිත්
01:40
Video thumbnail
හිටපු ජනපති මෛත්‍රිපාල සහ ටී.බී. සරත් එකටම ගිය ගමන - දැන් දේශපාලකයන්ට පාර්ලිමේන්තුවේ චෝදනා එන්නේ නෑ
11:09
Video thumbnail
ඇසළ පුන් පොහොය නිමිත්තෙන් රුවන්වැලි මහා සෑයේ, දරුවන් වෙනුවෙන් කළ මහා පිංකම
01:36
Video thumbnail
මාතර වෙළෙඳසැලක හදිසියේම හටගත් මහ ගින්න - පළාතම කළු දුමෙන් වැසී ගිහින්
00:47
Video thumbnail
අධිකරණයට අත නොතබනු
00:58
Video thumbnail
ආණ්ඩුව ජනප්‍රියයි නම් ජනමත විචාරණයකට යන්න
02:36
Video thumbnail
මේ ආණ්ඩුව අපි විශ්වාස කරන්නේ නෑ
01:15
Video thumbnail
විපක්ෂයේ මන්ත්‍රීවරු තමයි අධිකරණයට බලපෑම් කරන්නේ
01:14