මෛත්‍රීට එරෙහි නඩු විභාගයකින් විනිසුරුවරයෙකු ඉවත්වෙයි

තමන්ට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර තිබෙන පෞද්ගලික පැමිණිල්ලක් බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන මෙන් ඉල්ලා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරිපත් කළ පෙත්සම විභාග කරන පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ එක් විනිසුරුවරයකු ඉවත් වන බව දැනුම් දී ඇතැයි අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා අද (31) ප්‍රකාශ කළා.

මෙම පෙත්සම අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන විනිසුරුවරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියෙහි කැඳවනු ලැබුවා.

එම අවස්ථාවේදී සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න දැනුම් දුන්නේ මෙම පෙත්සම විභාග කිරීම සහ පත් කළ පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු නීල් ඉද්දවෙල මෙම නඩු කටයුත්තෙන් ඉවත්වන බව දැනුම් දී ඇති බවයි.

ඒ, අනුව අදාළ පුරප්පාඩුව සඳහා අභියාචනාධිකරණ විනිසුරු ඩී. එන්. සමරකෝන් නම් කරන බවත් සභාපති විනිසුරුවරයා නිවේදනය කළා.

ඒ අනුව අදාළ පෙත්සම නිශ්ශංක බන්දුල කරුණාරත්න සෝභිත රාජකරුණා මේනකා විජේසුන්දර ධම්මික ගනේපොල සහ ඩී. එන් සමරකෝන් යන පංච පුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ ඔක්තෝබර් මස 16, 17, 18 සහ 20 යන දිනවල විභාගයට ගැනීම සඳහා දින නියම කෙරිණි.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධී මිනීමැරීම ඇතුළු චෝදනා යටතේ සිරිල් ගාමිණී පියතුමා ඇතුළු දෙදෙනෙකු විසින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෞද්ගලික පැමිණිල්ලක් ගොනු කර තිබුණි.

එම පැමිණිල්ල සලකා බැලූ කොටුව මහේස්ත්‍රාත්වරයා වගඋත්තරකාර මෛත්‍රිපාල සිරිසේනට අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා සිතාසි නිකුත් කළේය.

එම සිතාසිය නීති විරෝධී යැයි තීන්දු කොට අදාළ පුද්ගලික පැමිණිල්ල බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් වන ලෙසත් මෛත්‍රීපාල සිරිසේන අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21