මීගමුව ප්‍රදේශයේ පාසලක පැවති ලෝක ළමා දින සැමරුම් වැඩසටහනක් සම්බන්ධයෙන් පසුගිය දා බොහෝ දෙනෙක් අතර කතාබහක් මතුව ආවා.
ඒ, එම විදුහලේ ගුරුවරියන් දෙදෙනෙක් “මේ මධ්‍යපාන බීමේ ජොලිය ගෑනු නොදන්නේ” ගීතයට පාසල් ළමුන් සමඟ එක්ව නර්තනයේ යෙදෙන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාලවල සැරි සැරීමත් සමඟයි.
කෙසේ වෙතත් අදාළ ගුරුවරියන් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කිරීමටයි බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පසුව තීරණය කළේ.
මේ වනවිට බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා විසින් ඒ සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ, අනුව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා එමඟින් දන්වා ඇත්තේ මෙම සිදුවීම පාසල තුළ ළමා දිනය වෙනුවෙන් ගුරු සිසු සහභාගීත්වයෙන් සිදු වූ සාමූහික ක්‍රියාකාරකමක් බව පෙනීයන බැවින් මේ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය නොවන බවයි.














janathawagen apu virodhaya hinda meka nawaththuwa naththam teacherslata natannath bari karanna giye mun
ඇත්තටම මේ ටීචර්ස්ල නටන එකක් අල්ලගෙන දඟලපු උන්ගෙන් මම අහන්නෙ ඉස්කෝල වල ආර්ථික අපහසුතා තියෙන දරැවන්ට අවශ්‍ය දේවල් ටිකක් හොයල බලල ඒව ලබාදෙන්න බොරැවට මේ මගුලක් අල්ලගෙන ඉන්නෙ නැතිව