මේ දිනවල දඩමස් කන්නේ බලාගෙනයි !

වියළි කාලගුණ තත්ත්වයත් සමඟ ඇතැම් පිරිස් වස මිශ්‍රකර සතුන් දඩයම් කිරීමට පෙළඹී ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පවසනවා.

ඒ, අනුව මේ දිනවල සත්ව මස් මාංශ ආහාරයට ගැනීමේ දී සැළකිලිමත් වන ලෙසයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය මහජනතාවට දැනුම් දෙන්නේ.

මේ හේතුවෙන් ජීවිත අවදානම් පවා මතුවිය හැකි බව පවසන සභාපතිවරයා තමන් නොදන්නා පළාත්වලට ගොස්
දඩමස් ලබාගැනීමේ දී කල්පනාකාරී විය යුතු බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.

“මේ දිනවල පවතින දැඩි නියගය නිසා වන සතුන් ජලය සොයා ගම් වැදීම සිදුකරනවා. එය සාමාන්‍ය තත්ත්වයක්, එසේ ගම්වදින වන සතුන්ට විවිධ වස විෂ පානය කිරීමට තබා දඩයම් කරන්නට තවත් පිරිසක් කටයුතු කරන බවත් දැනගන්නට ලැබී තිබෙනවා. මෙම තත්ත්වය විල්පත්තුව,යාල, අනුරාධපුරය, පොළොන්නරුව සහ පුත්තලම යන ප්‍රදේශවල බහුලව සිදුවන බවයි දැන ගන්නට තිබෙන්නේ. කිසියම් විෂ වර්ගයක් ශරීර ගත වී මිය යන සතුන්ගේ ශරීරය තුළ එම රසායණික ද්‍රව්‍ය තිබිය හැකි සම්භාවිතාවය වැඩියි. විෂ සහිත මස් අනුභව කිරීම තුළින් මිනිසුන්ටම එම විෂ ශරීර ගතවීමට ඉඩ තිබෙනවා. විෂ සහිත මස්අ නුභව කිරීමෙන් මිනිසුන් එම අවස්ථාවේදීම හෝ කල් ගත වී මිය යන්නටත් පුළුවන්, එමෙන්ම කාලයක් ගත වී විවිධ රෝගාබාධ ඇති වන්නටත් පුළුවන්, ඒ නිසා අපි ඉල්ලා සිටිනවා කිසිදු විටක නොදන්නා පළාතක දී දඩ මස් මිලදී ගැනීමට හෝ ඒවා ආහාර පිණිස නොගන්නා ලෙසට.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නිකවැරටිය ජන රැලිය
00:00
Video thumbnail
අනුර ලවා මහින්දගෙන් පළිගන්නවා - අනුරගේ ආණ්ඩුව සුද්දගේ ආණ්ඩුවට වඩා නරකයි
06:53
Video thumbnail
ඥානසාර හිමියන් නිදහස් කරන්න කියලා පානදුර මිනිස්සු අත්සන් තබයි
00:47
Video thumbnail
ජනාධිපතිතුමා, ඔයා බබා - සිවුරක් ගලවලා මුළු රටම කැලඹිලා
02:06
Video thumbnail
ලයිසන් එක ඉල්ලුවාම මට ග#න්න එනවා - මට ඕනේ මගේ ලයිසන් එක
02:13
Video thumbnail
සුඛෝපභෝගී බස් රථයක් මහ පාරේ ගිනිගෙන අළුවෙයි
01:43
Video thumbnail
සිවුර ගැලවීමට විරුද්ධව භික්ෂූන් වහන්සේලා විරෝධතා පාගමනක
01:22
Video thumbnail
ඥානසාර හිමි වෙනුවෙන් මහා සංඝරත්නය පාරට බහී
03:53
Video thumbnail
වැඩබලන අටමස්ථානාධිපති බැහැදකින්න අගමැතිතුමිය එක්ක වසන්තත් යයි
02:02
Video thumbnail
බොරු පැමිණිලි ඇත්ත කරන්න ආණ්ඩුව රාජ්‍ය බලය පාවිච්චි කරනවා
05:38