මේ දිනවල දඩමස් කන්නේ බලාගෙනයි !

වියළි කාලගුණ තත්ත්වයත් සමඟ ඇතැම් පිරිස් වස මිශ්‍රකර සතුන් දඩයම් කිරීමට පෙළඹී ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පවසනවා.

ඒ, අනුව මේ දිනවල සත්ව මස් මාංශ ආහාරයට ගැනීමේ දී සැළකිලිමත් වන ලෙසයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය මහජනතාවට දැනුම් දෙන්නේ.

මේ හේතුවෙන් ජීවිත අවදානම් පවා මතුවිය හැකි බව පවසන සභාපතිවරයා තමන් නොදන්නා පළාත්වලට ගොස්
දඩමස් ලබාගැනීමේ දී කල්පනාකාරී විය යුතු බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.

“මේ දිනවල පවතින දැඩි නියගය නිසා වන සතුන් ජලය සොයා ගම් වැදීම සිදුකරනවා. එය සාමාන්‍ය තත්ත්වයක්, එසේ ගම්වදින වන සතුන්ට විවිධ වස විෂ පානය කිරීමට තබා දඩයම් කරන්නට තවත් පිරිසක් කටයුතු කරන බවත් දැනගන්නට ලැබී තිබෙනවා. මෙම තත්ත්වය විල්පත්තුව,යාල, අනුරාධපුරය, පොළොන්නරුව සහ පුත්තලම යන ප්‍රදේශවල බහුලව සිදුවන බවයි දැන ගන්නට තිබෙන්නේ. කිසියම් විෂ වර්ගයක් ශරීර ගත වී මිය යන සතුන්ගේ ශරීරය තුළ එම රසායණික ද්‍රව්‍ය තිබිය හැකි සම්භාවිතාවය වැඩියි. විෂ සහිත මස් අනුභව කිරීම තුළින් මිනිසුන්ටම එම විෂ ශරීර ගතවීමට ඉඩ තිබෙනවා. විෂ සහිත මස්අ නුභව කිරීමෙන් මිනිසුන් එම අවස්ථාවේදීම හෝ කල් ගත වී මිය යන්නටත් පුළුවන්, එමෙන්ම කාලයක් ගත වී විවිධ රෝගාබාධ ඇති වන්නටත් පුළුවන්, ඒ නිසා අපි ඉල්ලා සිටිනවා කිසිදු විටක නොදන්නා පළාතක දී දඩ මස් මිලදී ගැනීමට හෝ ඒවා ආහාර පිණිස නොගන්නා ලෙසට.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14