කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර තනතුර යළිත් රුමේෂ්ට

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර යළිත් වරක් රුමේෂ් රත්නායකට ලැබීමේ වැඩි ඉඩක් පවතින බව අභ්‍යන්තර ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරනවා.

දැනට ශ්‍රී ලංකා කාන්තා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ඕස්ට්‍රේලියානු ජාතික ජේමි සිඩන්ස් කටයුතු කරනු ලබනවා.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිල වශයෙන් කිසිවක් ප්‍රකාශකර නැහැ.