‘දිරිමත් පරාජිතයා’ ලෙස ලෝකයේම විරුධාවලිය ලත්, ශ්රී ලංකා ඔලිම්පික් ධාවක, රණතුංග කරුණානන්ද වෙනුවෙන් සමරු මුද්දරයක් නිකුත් කිරීම අද (20) දිනයේ දී අමාත්ය නලින්ද ජයතිස්ස සහ ජපාන තානාපතිවරයාගේ ප්රධානත්වයෙන් සිදුවුණා.
රණතුංග කරුණානන්ද වෙනුවෙන් නිකුත් කළ මෙම සමරු මුද්දරය රුපියල් 70ක වටිනාකමකින් යුක්ත වනවා.
1964 වසරේ දී ටෝකියෝ නුවර පැවති ඔලිම්පික් උළෙලේ මීටර් 10,000 ධාවන ඉසව්වේ දී අනෙක් තරගකරුවන සියලු දෙනා තරගය අවසන් කර තිබියදීත්, තරගයේ අවසන් තරගකරුවා ලෙස කරුණානන්ද තරගය අත්නොහැර අවසන් කිරීම අගයමින් ඔහු ජපානයේ පාසල් අධ්යාපනයේ පෙළපොත්වලට ද ඇතුළත් කෙරුණා.
