සිය කොන්දේසි අමෙරිකාව විසින් පිළිගන්නා තෙක් හෝමුස් සමුද්ර සන්ධිය යළි විවෘත නොකරන බව ඉරානය පවසනවා.
ඉරාන විදේශ අමාත්ය අබ්බාස් අරග්චි මේ බව සඳහන් කර ඇත්තේ, හෝමුස් සමුද්ර සන්ධිය සම්බන්ධයෙන් ප්රකාශයක් නිකුත් කරමින්.
මේ අතර ඉරානය සමඟ සාම ගිවිසුමකට එළඹීම ඉතාමත් අසීරු බව අමෙරිකානු රාජ්ය ලේකම් මාර්කෝ රුබියෝ සඳහන් කර තිබෙනවා.
වුන් දක්ෂ සාකච්ඡාකරුවන් නොවන අතර දැඩි මතධාරී ෂියා ආගමික නායකයන්ගේ පාලනයට යටත්ව සිටිනවා,” යනුවෙන් රුබියෝ ප්රකාශ කර තිබෙනවා.
විදෙස් මාධ්ය සඳහන් කරන්නේ, ඉරාන නායකත්වයේ තීරණ ගැනීමේ ක්රියාවලියට ආගමික විශ්වාසයන් දැඩි බලපෑමක් එල්ල කරන බවයි.
ඉරානය පරිපාලනය කටයුතු කරනුයේ ආගමික විශ්වාසයන් මත බවත්, ඒ නිසාවෙන් ඔවුන් සමඟ එකඟතාවකට පැමිණීම ඉතා දුෂ්කර බවත් අමෙරිකානු රාජ්ය ලේකම්වරයා සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කර තිබෙනවා.
කෙසේ වෙතත් ඉරානය සහ අමෙරිකාව අතර සාකච්ඡාවන්, පාකිස්තානය සහ කටාර් රාජ්යයේ මැදිහත්වීමෙන් අඛණ්ඩව සිදු වනවා.
