ලංකා ප්‍රිමියර්ලීග් තරගාවලියේදී තුන් ඉරියව්වෙන් දක්ෂකම් පෑ වනිඳු හසරංග එහි දෙවැනි සුදුසුකම් ලැබීමේ තරගය අතරතුර පාදයේ ආබාධයකට ලක්වූ අතර ඔහුට ආසියානු කුසලාන තරග සහභාගීත්වය අහිමිවීමට එම ආබාධය හේතුවී ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම දුශ්මන්ත චමීර ද උරහිසේ ආබාධයකට ලක්ව සිටින අතර ඔහුටද ආසියානු කුසලානය සදහා සහභාගිත්වය අවනිශ්චිතයි.
වනිදු හසරංගට සිදුකළ එම්.ආර්.අයි පරීක්ෂාවකදී, 2බී කාණ්ඩයේ මස්පිඩු ආබාධයකට ලක්ව ඇති අතර මෙම තත්ත්වයෙන් සුවය ලැබීමට ඔහුට සති තුනක් හෝ හතරක් අතර කාලයක් ගතවනු ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් වෛද්‍ය අංශය දැනුම් දී තිබෙනවා.
චමීර වෙනුවට කසුන් රාජිත ශ්‍රී ලංකා සංචිතයට කැඳවා තිබෙනවා.
මේ අනුව ආසියානු කුසලාන තරගාවලියේදී වනිදු වෙනුවට පා දඟ පන්දු යවන දුෂාන් හේමන්තව යෙදවීමේ වැඩි අවස්ථාවක් ඇති බවයි වාර්තා වන්නේ