පිහි පහරකින් සජබ අපේක්ෂකයා මරුට – පිහි ප්‍රහාරය එල්ල කළ සැකකරුගේ මවටත් තුවාල

වීරකැටිය පොලිස් වසමේ කිංචිගුණේ ප්‍රදේශයේ පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා.

ඊයේ (27) රාත්‍රියේ මෙලෙස ඝාතනය ලක්ව ඇත්තේ අවුරුදු 30 ක් වූ හකුරුවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.

මෙම පුද්ගලයා තවත් පුද්ගලයෙකු අතර ඇති වූ ආරවුලක් මත තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවට දැනට සිදුකළ විමර්ශනයේ දී අනාවරණය වී තිබෙනවා.

මෙම ආරවුල අතරතුර පහරදීම සිදුකළ සැකකරුගේ මව ද තුවාල ලබා වීරකැටිය රෝහලේ ප්‍රතිකාර ලබනවා.

මැදමුලන ප්‍රදේශයේ පදිංචි අවුරුදු 29ක් වන සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙලෙස ඝාතනයට ලක්වූ පුද්ගලයා සමගි ජනබලවේගයෙන් ප්‍රාදේශීය සභා අපේක්ෂකයෙකු ලෙස මැතිවරණයට ද ඉදිරිපත් වූ අයෙක්.

මෘත ශරීරය වීරකැටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර වීරකැටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26