ලෝකල් ආලෝකාට අමානුෂිව පහර දුන් පුද්ගලයා අල්ලයි

කල්මුණ පොලිස් වසමේ අශ්රෝෆ් රෝහල අසල දී පුද්ගලයෙකු විසින් අමානුෂික ලෙස සුනඛයෙකුට පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ ඊයේ (27) සංසරණය වුණා.

එම විඩියෝ පටය සම්බන්ධයෙන් විමර්ශන ඇරඹු කල්මුණ පොලිසිය සිදුවීමට සම්බන්ධ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරු කල්මුණ කුඩි ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.

සැකකරු 21 වන වියේ පසුවන අතර, සිද්ධිය පිළිබදව කල්මුණ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

සැකකරු විසින් මෙලෙස පහරදීම සිදුකර ඇත්තේ යාපනයේ සිට කතරගම දක්වා පාද යාත්‍රාවේ ගමන් ගන්නා ස්වාමින්වහන්සේලා පිරිසක් සමඟ ගමන් කරන ලෝකල් ආලෝකා නොහොත් ‘සුබ්‍රමනියම්’ නැමැති සමාජ මාධ්‍යයේ ප්‍රසිද්ධ වූ සුනඛයාට බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
19
+1
1
+1
0
+1
7
+1
1
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted