අනියම් සම්බන්ධයක් ගැන ඇති වූ සැකයට නිදි යහනේදීම බිරිඳව ඝාතනය කරලා

අනියම් සම්බන්ධයක් පිළිබඳව ඇති වූ සැකය මත නිදි යහනේදී සිය බිරිඳව ඝාතනය කළ ස්වාමිපුරුෂයෙකු පිළිබඳව පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

කර්ණාටක ප්‍රාන්තයේ බෙලගාවි ප්‍රදේශයේ දී මෙම අපරාධය සිදුව ඇති අතර, නිදා සිටි බිරිඳව සැමියා විසින් කපා කොටා ඝාතනය කර ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

35 හැවිරිදි වියේ පසුවූ අදාළකාන්තාව වෙනත් පුරුෂයෙක් සමඟ අනියම් සම්බන්ධයක් පවත්වන බවට ඇයගේ සැමියා වන පර්ගුන්ඩා සාරවාඩ් සැකයෙන් සිට තිබෙනවා.

අධික ලෙස මත්පැන්වලට ඇබ්බැහි වූ පුද්ගලයෙක් වන සැකකාර සැමියා කලක සිට තිබූ සැකය හේතුවෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මොවුන් දෙදෙනා විවාහ වී වසර 15 ක් ගත වී ඇති අතර ඔවුන්ට දරුවන් දෙදෙනෙකු ද සිටින බවයි වාර්තා වන්නේ.

.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted