ලෝක කුසලාන පාපන්දු පිටියේ මෙසීගෙන් තවත් සුපිරි වාර්තාවක්

ලෝක කුසලාන පාපන්දු තරගවල අඛණ්ඩව ගෝල 07ක් වාර්තා කළ ලොව පළමු ක්‍රීඩකයා බවට පත්වීමට ආර්ජන්ටිනාවේ සුපිරි ක්‍රීඩක ලියොනල් මෙසී අද (28) සමත් වුණා.

ඒ, මෙවර පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ ජොර්දානය සහ ආර්ජන්ටිනාව අතර තරගයේ දී ගෝලයක් වාර්තා කිරීමට ඔහු සමත්වීමත් සමඟයි.

ජොර්දානය සමඟ පැවැති තරගයේ 80 වන මිනිත්තුවේ දී මෙසී මෙම ගෝලය වාර්තා කළා.

මෙසී අඛණ්ඩව රැස්කළ ගෝල හතත් සමඟ 1958 වසරේ දී ප්‍රංශය වෙනුවෙන් ෆොන්ටේන් සහ 1970 වසරේ දී බ්‍රසීලය වෙනුවෙන් ජයිර්සින්හෝ අඛණ්ඩව රැස් කර තිබූ ගෝල 06ක වාර්තාව බිඳ දැමීමට ඔහුට හැකියාව ලැබුණා.

මේ අතර මෙසී අද වාර්තා කළ ගෝලයත් සමඟ ලෝක කුසලාන පාපන්දු පිටියේ රැස්කළ ගෝල සංඛ්‍යාව 19ක් දක්වා ඉහළ ගියා.

මෙසී මේ වනවිට වාර්තා අතර පසුවන්නේ ලෝක කුසලාන පාපන්දු පිටියේ වැඩිම ගෝල සංඛ්‍යාවක් වාර්තා කළ ක්‍රීඩකයා ලෙසයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46