මෙරට විවාහ වන වයස් සීමාව වෙනස් වෙයි? (වීඩියෝ)

ශ්‍රී ලංකාවේ විවාහ වන වයස් සීමාව පොදු වසය් සීමාවකට ගෙන ඒමට යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයෙන් මෙම නව යෝජනාව ඉදිරිපත් වී ඇති බවයි පාර්ලිමේන්තු සන්නිවේදන පියස සඳහන් කළේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය එහි සභාපති අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ මුලිකත්වයෙන් ඊයේ (21) පාර්ලිමේන්තුවේ දී රැස් වුණා.

මේ අවස්ථාව සමගින් සංසදයේ නියෝජ්‍ය සම සභාපතිවරුන් වන පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ චමින්ද්‍රානි කිරිඇල්ල සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්මලී ගුණසිංහ මහත්මින් ද සහභාගි වී සිටියා.

මෙදින රැස්වීමේ මූලික අරමුණ වූ සංසදය සඳහා දසවන පාර්ලිමේන්තුවට අදාළ වන ක්‍රියාකාරී සැලැස්ම සකස් කිරීම සම්බන්ධයෙන් සංසදයේ සාමාජික මන්ත්‍රීවරියන් සමඟ සාකච්ඡා කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් සංසදයේ සභාපතිවරිය විසින් ලංකාවේ විවාහ වන වයස් සීමාව සංශෝධනය කිරීම පිළිබඳව ද සංසදයේ අවධානය යොමු කෙරුණා.

ලංකාවේ දැනට පවතින විවිධ විවාහ නීති අනුව පවතින විවාහ වන වයස් සීමාව පොදු වයස් සීමාවකට ගෙන ඒමට අවශ්‍ය සංශෝධන සකස් කිරීම සඳහා සිවිල් සංවිධාන සහ අදාළ පාර්ශ්වයන්ගේ යෝජනා ලබා ගැනීමටත් ඒ ඔස්සේ අවසන් නිර්දේශ සංසදය මගින් සකස් කිරීමත් යෝජනා වුණා.

කාන්තාවන් සවිබල ගැන්වීම උදෙසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය විසින් ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කිරීමට මෙම දසවැනි පාර්ලිමේන්තුව තුළින් බලපොරෝතු වන බව ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිවරිය මෙහිදී ප්‍රකාශ කළා.

  1. මෙය අවුරුදු 16 වෙන්න ඕන.මන්ද අවු 16 දී ලිංගික අයිතිය හිමි වෙනවා. අවු.16/17යන වයස්වල ලමයි දරුවන් බිහිකරනවා…නමුත් පියා සිටියත් කසාදය ලියාපදිංච් කරන්න බෑ…වයස 18. විවාහක වයස ලෙස පිළිගන්නා නිසා….එවිට එම දරුවා නිලමය වශයෙන් පියෙක් නැති දරුවෙක් වෙනවා…එමනිසා ලිංගික මය නිදහස හිමිවන වයසයි. විවාහවන වයස ලෙස වයස් දෙකක් තිබිම නිසා නිතිය හෑල්ලුවට ලක්වන වා පමණක් නොව සමාජ පශ්ණ ද නිර්මාණය වෙනවා එබැවින් එක වයසකට ගෙන එමු….විවාහවන වයසම ලිංගික අයිතිය හිමිවන වයස යන දෙකම එකක් කරමු….ලංකාවේ ගබ්සා කිරීම් වැඩි වීමටත් ඒතුලින් ජිවිත ගණණාවක් අහිමි වීමටත් සිදුවී තිබෙනවා .ඉදිරියටත් නීති වෙනස් නොවුනොත් තවත් ජිවිත අහිමිවේවි.ගබ්සා දොස්තරලා වැඩිවේවි…



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණයට ආපු ඥානසාර හිමි ඇඳුම ගැන කිව්ව දේ..
00:27
Video thumbnail
තනි ඇසක් වහගෙන ශිරන්ති අල්ලස් කොමිසමට
01:14
Video thumbnail
උසාවියා ඉස්සරහා උණුසුම් තත්ත්වයක් - හාමුදුරුවන්ට යන්න තහනම් ද..?
02:08
Video thumbnail
ගොවි පුතා කට ඇරියොත් කියන්නේ බොරු විතරයි - රෝහිණී ආණ්ඩුවට සැරටම දෙයි
02:10
Video thumbnail
එක එක්කෙනාට ඕන විදිහට චීවරය ඉවත්කරන්න බෑ
02:21
Video thumbnail
උතුරු, නැගෙනහිර සහ වතුකරයේ මන්ත්‍රීවරුන් එක්ක සජිත් සාකච්ඡාවක
01:40
Video thumbnail
ඩයස්පෝරාව සතුටු කරන්න මහින්දගේ බිරිඳටත් පුතාටත් හිරිහැර කරනවා
01:46
Video thumbnail
සෙව්වන්දිට මාංචු නෑ, ඥානසාර හාමුදුරුවන්ට මාංචු දාලා - මොකද්ද යකෝ උඹලගේ නීතිය
01:34
Video thumbnail
ශිරන්තිව අල්ලස් කොමිසමට රැගෙන එයි
00:57
Video thumbnail
ගිහි ඇඳුම ගැන ඥානසාර හිමි කිව්ව දේ.. හරිම සැහැල්ලුයි මේක
00:43