ඩෙල්ෆ්ට් දූපත් අසල ශ්රී ලංකා මුහුදු තීරයේ නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරත වූ ඉන්දීය ධීවර යාත්රාවක් ඊයේ (05) රාත්රියේ අනතුරට ලක්ව තිබුණා.
මෙලෙස අනතුර ලක්වූ යාත්රාවේ පුද්ගලයින් 11 දෙනෙක් සිට ඇති අතර මේ වන විට එම ධීවර යාත්රාවේ සිටි ඉන්දීය ධීවරයින් 11 දෙනාම ශ්රී ලංකා නාවික හමුදාව විසින් නිරුපද්රතව බේරාගෙන තිබෙනවා.
එම ධීවරයින් පිරිස ආරක්ෂිතව බේරාගෙන ඩෙල්ෆ් දූපත වෙත රැගෙනවිත් ඇති අතර ඔවුන් ගොඩ බිමට රැගෙන එමින් සිටින බව නාවික හමුදාව සඳහන් කළා.













